ලෝකයේ විශාලතම ක්‍රීඩාංගණ වන්නේ රේසිං ක්‍රීඩාවලට අදාළ වන ක්‍රීඩාංගණය. මේ රේසිං නොවන ක්‍රීඩාංගණ අතර ලොව විශාලතම ක්‍රීඩාංගණ කිහිපයකි.
01) Rungrado May Day Stadium
රංගරාඩෝ මැයි දින ක්‍රීඩාංගණය උතුරු කොරියාවේ පියොන්යෑන්හි ඉදිකර ඇත. මෙම ක්‍රීඩාංගණය අක්කර 51ක් පුරා පැතිර ඇති අතර, ආසන 150000කින් සමන්විතය. වර්ග මීටර් 25000ක් පුරා පවතින මෙහි තණතීරුවේ පහසුවෙන් පාපන්දු ක්‍රීඩා තරග තුනක් එකවර පැවැත්වීමේ හැකියාව පවතී.
රංගරාඩෝ මැයි දින ක්‍රීඩාංගණය ලෙස මෙය නම් කිරීමට ක්‍රීඩාංගණය ටෙංඩොං නදියෙහි රුන්ඩරෝ දූපතෙහි පිහිටීමත්, මැයි මස 01 වැනිදා ආරම්භ වීමත් හේතුවී ඇතැයි පැවසේ.
විශාලත්වය මෙන්ම අලංකාරවත් බව හේතුවෙන් මෙය බොහෝ ක්‍රීඩාලෝලීන්ගේ හා සංචාරකයන්ගේ සිත්ගත් ස්ථානයක් බවට පත්ව තිබේ.
02) Michigan Stadium, USA
ඇමෙරිකාවේ 'මිචිගන්' ක්‍රීඩාංගණය ලෝකයේ විශාලතම ක්‍රිඩාංගණ අතරින් දෙවැනි තැන උසුලයි. මෙය ඇමෙරිකාවේ මිචිගන් විශ්වවිද්‍යාලයට අයත් පාපන්දු ක්‍රීඩාංගණයකි.
ලොව දෙවැනි විශාලතම ක්‍රීඩාංගණය වන මෙය එක්සත් ජනපදයේ විශාලතම ක්‍රීඩාංගණය වන බැවින් 'ද බිග් හවුස්' (The big house) ලෙස හැඳින්වේ.
1927 දී ඉදිකරන ලද මෙහි එවකට 72000ක ආසන ධාරිතාවක් පැවැති අතර, වර්තමානයේ එය 107601 දක්වා වැඩිදියුණු කර තිබේ.
03) Beaver Stadium, USA
බීවර් ක්‍රීඩාංගණය පෙන්සිල්වේනියාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකට අයත් ඇමෙරිකානු පාපන්දු ක්‍රීඩාංගණයකි.
1909 තරම් දක්වා වූ අතීතයකට හිමිකම් කියන මෙම ක්‍රීඩාංගණය ඉදිකරන ලද්දේ පෙන්සිල්වේනියාවේ හිටපු ආණ්ඩුකාරවරයෙකු වන ජේම්ස් ඒ.බී. බිවර්හි විසිනි. ලොව තෙවැනි විශාලතම ක්‍රීඩාංගණය වන මෙහි ආසන ධාරිතාව 106572කි.
04) Ohio Stadium, USA
මෙයද ඔහියෝහි කොලොම්බස්හි පිහිටි ඔහියෝ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයට අයත් ඇමෙරිකානු පාපන්දු ක්‍රීඩාංගණයකි.
මෙය ඉදිකර ඇති හැඩය අනුව මෙහි පැමිණෙන ක්‍රීඩාලෝලීන් හා මාධ්‍යවේදීන් මෙය හඳුන්වනුයේ 'අශ්ව කරත්තය' (The Horseshoe) යන නමිනි.
1922 දී ආරම්භ කරන ලද මෙම ක්‍රීඩාංගණයේ එවකට ආසන ධාරිතාව 66210ක් වූ අතර, 2001න් පසු එය 100000 ඉක්මූ අතර, වර්තමානයේ 104944ක ආසන ධාරිතාවකින් සමන්විතය. මෙම ක්‍රීඩාංගණය ලෝකයේ සිවුවැනි විශාලතම ක්‍රීඩාංගණය වේ.
05) Kyle Field, USA
ඇමෙරිකානු පාපන්දු ක්‍රීඩාංගණයක් වන මෙය 'ටෙක්ටාස්හි ටෙක්ටාර් ඒ ඇන්ඩ් එම්' විශ්වවිද්‍යාලයට (Texas A and M University) අයත් වේ.
1904දී ආරම්භ කර ඇති මෙම ක්‍රීඩාංගණය 'දොළොස් වැනි මිනිසාගේ නිවහන ' (Home of the 12th Man) ලෙස හැඳින්වේ.
2015 වර්ෂය වනවිට මෙහි ආසන සංඛ්‍යාව 102733ක් වූ අතර, ලෝකයේ පස්වැනි විශාලතම ක්‍රීඩාංගණය ලෙස මෙය නම් කර තිබේ.
06) Neyland Stadium
ඇමෙරිකාවේ නොක්ස්විල්හි, ටෙනසි විශ්වවිද්‍යාලයට අයත් ඇමෙරිකානු පාපන්දු ක්‍රීඩාංගණයක් ලෙස මෙයද හැඳින්විය හැකිය.
නීලන්ඩ් ක්‍රීඩාංගණය ලෙස මෙයට නම් තැබීමට හේතුවී ඇත්තේ මෙම විශ්වවිද්‍යාලයෙහි පුරෝගාමී පාපන්දු ක්‍රීඩා පුහුණුකරුවෙකු වූ රොබට් නීලන්ඩ් (Robert Neyland) මහතාට ගෞරව දැක්වීමක් ලෙසය.
1924දී ඉදිකරන ලද මෙම ක්‍රීඩාංගණයේ එවකට ආසන ධාරිතාව 104079ක් වූ අතර, එය වර්තමානය වනවිට 102455ක් පමණ වී ඇත. මෙය ලෝකයේ හයවැනි විශාලතම ක්‍රීඩාංගණය වේ.
07) Tiger Stadium, USA
මෙය පිහිටා ඇත්තේ ඇමෙරිකාවේ, ලුසියානා ප්‍රාන්තයේ, බැටන්රුජ් ප්රදේශයේය. මෙයද පෙර පරිදිම පාපන්දු ක්‍රීඩාංගණයක් වන අතර, ලුසියානා රාජ්‍ය විශ්වවිද්‍යාලයට අයත් වේ.
විරුද්ධවාදීන්ට සෙල්ලම් කිරීමට අසීරුතම ස්ථානයක් ලෙස මෙය නම් කළ හැකි අතර, නිසාම 'මරණයේ නිම්නය' ලෙස හැඳින්වේ. 1924 දී ආරම්භ කරන ලද මෙම ක්‍රීඩාංගණයේ ආරම්භක ආසන ධාරිතාව වූයේ ආසන 12000කි.
පසුව 2014දී වැඩිදියුණු කරන ලද අතර, වර්තමානයේ 102321ක ආසන ධාරිතාවක් පවතී. මෙය ලෝකයේ හත්වැනි විශාලතම ක්‍රීඩාංගණය ලෙස සැලකේ.
දිනිත් කණිෂ්ක