1) ස්පාඤ්ඤ භාෂාවෙන් මිගෙල් ඩී සර්වෙන්ටස් (Miguel de Cervantes) විසින් 1612 වර්ෂයේදී රචනා කරන ලද නවකතාවක් වන දොන් ක්යූසෝට් (Don Quixote)හි පිටපත් මිලියන 500කට වැඩි ගණනක් අලෙවි වී ඇතැයි සැලකේ.
2) ලෝක ප්‍රසිද්ධ රචකයෙකු වන චාර්ල්ස් ඩිකන්ස් විසින් 1859 වසරේ ඉංග්‍රීසියෙන් රචනා කරන ලද 'අ ටේල් ඔෆ් ටූ සිටීස්' (A Tale of Two Cities) ප්‍රබන්ධ කතාවේ පිටපත් මිලියන 200කට අධික සංඛ්‍යාවක් ලොව පුරා අලෙවි වී ඇත.
3) ප්‍රබන්ධ කතාවක් ලෙස 1988 වසරේ පෘතුග්‍රීසි භාෂාවෙන් පෝලෝ කොඑල්හෝ (Paulo Coelho) විසින් රචනා කරන ලද 'ඕ ඇල්ක්යුමිස්ටා' (O Alquimista) නම් කෘතියේ පිටපත් මිලියන 150ක් අලෙවි වී ඇති බවට ගණනය කර තිබේ.
4) ඇන්ටෝනි ද සේන්ට් (Antoine de Saint) විසින් 1943 වසරේ ප්‍රංශ බසින් රචනා කර ඇති 'ලෙ පෙටිට් ප්‍රින්ස්' (Le Petit Prince) නවකතාවේ පිටපත් මිලියන 140ක් අලෙවි වී ඇති බවට ගණන් බලා ඇත.
5) ජේ.කේ. රෝව්ලිං (J. K. Rowling) විසින් 1997 වර්ෂයේ ඉංග්‍රීසි බසින් රචනා කළ ප්‍රබන්ධයක් වන 'හැරී පොටර් ඇන්ඩ් ද ෆිලෝසොෆර්ස් ස්ටෝන්' (Harry Potter and the Philosopher›s Stone) කෘතියේ පිටපත් මිලියන 107ක් පමණ අලෙවි වී තිබේ.
6) අගතා ක්‍රිස්ටි (Agatha Christie) විසින් 1939 වර්ෂයේ ඉංග්‍රීසි බසින් රචනා කරන ලද 'ඇන්ඩ් දෙන් දෙයාර් වර් නන්' (And Then There Were None) ප්‍රබන්ධයේ පිටපත් මිලියන 100ක් ලොව පුරා අලෙවි වී තිබේ.
7) ඉංග්‍රීසි බසින් 1937 වසරේ ජේ.ආර්.ආර්. ටෝල්කේන් (J. R. R. Tolkien) විසින් රචනා කරන ලද 'ද හොබිට්' (the Hobbit) නම් කෘතියේ පිටපත් මිලියන 100ක් අලෙවි වී තිබේ.