(01) විරාගයේ අරවින්ද
සිංහල නවකතා මගින් බිහි කෙරුණු චරිතයන් අතරින් වැඩිම විවේචනයන්ට හා වැඩිම දෝෂාරෝපනයන්ට ලක්වූ චරිතයක් ලෙස අරවින්ද හැඳින්විය හැක. සාහිත්‍ය විවේචකයන්ගේ සිට විවිධ තරාතිරමේ පුද්ගලයන් විසින් අරවින්දගේ චරිතය විවිධ අයුරින් අරුත් ගන්වා ඇත. විරාගය මූලික වශයෙන් ගලා යන්නේ අරවින්ද වටාය.
එය ඔහුගේ මරණින් පසු එය කියවන සැමී විසින් සංස්කරණය කොට ඉදිරිපත් කරන්නක් සේ නවකතාවෙහි දැක්වේ. ඇතැම් විචාරකයන් ඔහු මානසික ව්‍යාධියකින් පෙළෙන්නෙක් ලෙසද හඳුන්වයි විරාගයේ ඇති අනෙක් චරිත අතරින් මේනකා, සරෝජනී, සිරිදාස හා බතී ප්‍රධාන වෙයි. අරවින්දගේ චරිතය බොහෝ විට හැඩ ගැසෙන්නේත්, ගලා යන්නේත් ඒ චරිත වටාය. පුද්ගල කේන්ද්‍රීය නව කතාවක චරිතයකට මොහු උදාහරණයකි.
(02) තුංමං හන්දියේ අබිලින් සිංඥො
මහගමසේකරයන් විසින් රචිත එකම නවකතාව වන තුංමං හන්දියේ එන චරිතයක්වන මොහු ගමක ජීවත්වන අහිංසක ගැමියෙකි. ඔහු සූක්ෂ්ම කලාකාමී වැඩවලට හපනෙකි. නවකතාවේ ගැමියන්ගේ වචනයෙන් කියනවානම් සීග්‍ර වැඩකාරයෙකි.
ගමේ මරණයකට මඟුලකට ඔහු නැතිවම බැරිවන්නේ ඔහුගේ මෙම හැකියාව නිසාය.එසේම ඔහු මෙම කටයුතු සඳහා මුදල් අය නොකරයි. නමුත් කෙමෙන් කෙමෙන් ගම නාගරීකරණයට හසුවනවිට ඔහු ගමට අනවශ්‍ය පුද්ගලයෙකු වේ. බීමට ඇබ්බැහි වන ඔහු අවසානයේදී ලෙඩවී මියයයි.
(03) චරිත තුනක්හි ඉසා
කේ. ජයතිලකයන් විසින් රචිත චරිත තුනක් නව කතාවේ එන ප්‍රධාන චරිතයක් ලෙස මොහු හැඳින්විය හැක. උත්තම පුරුෂ කේන්ද්‍රීය දෘශ්ටිකෝණයකින් කතාව ගලා යන මෙම කතාවේ කතාව ගලා යන්නේ ඉසාගේ දෘශ්ටියෙනි.
පවුලේ වැඩිමහලු දරුවාවන ඔහු පියා මිය ගිය පසු නිවසේ වගකීම බාර ගනී. තම නිවස අවට ඇති කෝකිලාන නැමැති මූකලාන එළිකරන ඔහු එහි වගා කරයි. අවසානයේ තමා ගැන නොසිතා පවුල ගැන සිතන ඔහුට ලලිතා නමැති පෙම්වතියද අහිමි වන අතර ඔහු ජීවිතය තනිකඩව ගෙවයි.
(04) කළියුගය යුගාන්තයේ එන තිස්ස
හෙළයේ මහා ගත්කරු මාටින් වික්‍රමසිංහ මහතා විසින් රචිත තුන් ඈඳුතු නවකතාවන් වන ගම්පෙරළිය, කළියුගය, යුගාන්තයේ එන තිස්ස සුවිශේෂී චරිතයකි. මන්දයත් එම නවකතා ත්‍රිත්වයේම සිටින යුග තුනම නියෝජනය කරන චරිතය තිස්ස වීම නිසයි. ගම්පෙරළියේ අනුලා හා නන්දාගේ සොහොයුරාවන ඔහු යුගාන්තයේදී නන්දා හා පියල්ගේ දියණියවන නාලිකා කබලානගේ දරුවන් සමගද වෙසෙයි.
(05) ගම්පෙරළියේ පියල්
මාටින් වික්‍රමසිංහයන් විසින් රචිත තුන් ඈඳුතු නව කතා ත්‍රිත්වයේ පළමුවැන්න වන ගම්පෙරළියේ එන ප්‍රධාන චරිතයක්වන මොහු වලව්කාර නොවන පවුලක උපන් උගත් තරුණයෙකි. ඔහු වලව්කාර පවුලක උපන් තරුණියකවන නන්දාට ප්‍රේම කරයි.
ඔහු වලව්කාරයෙකු නොවන නිසා නන්දාගේ දෙමව්පියන් ඔහුට අකමැතිවේ.නන්දා ජිනදාස නම් තරුණයෙකු හා විවාහවන අතර පියල් ව්යාපාරකොට ධනවතෙකු බවට පත්වේ. ජිනදාස මියයන අතර නන්දා දරුවා හා සැමියා අහිමි වැන්දඹුවක් බවට පත්වෙයි. අවසානයේ ජයගන්නා පියල් වලව්කාර නන්දා විවාහ කරගනී.
(06) කුරුලු හදවතේ දිනසිරි
ලියනගේ අමරකීර්ති මහතා විසින් රචිත කුල පීඩනය ගැන කියවෙන නවකතාවක්වන කුරුලු හදවත නවකතාවේ එන ප්‍රධාන චරිතය මොහුය වලං සාදනා කුඹල් ගමක වෙසෙන මොහු තම ගමවන වලංගංගොඩ කුරුලුගංගොඩක් කරන්න වෙහෙසවේ. ඔහු ගුවන් විදුලියට පෝස්ට්කාඩ් යවමින් තම ගමේ නම ලෙස කුරුලුගංගොඩ යන නම සඳහන් කරයි.
පුද්ගලික ගුවන් විදුලියකට එකතුවන ඔහුගේ ගැමිකම ගැමි භාෂාව තම වෙළඳභාණ්ඩ විකුණාගැනීම සඳහා යොදාගැනීමට එම ගුවන් විදුලි සමාගම කටයුතු කරයි. එයින්ම ධනවතෙකු වන ඔහුගේ ගමේ නම වෙනස්කිරීමේ අභිප්‍රායද ඉටුවුවද අවසානයේ ඔහු එමගින් ගමට සිදුවූ දේ පිළිබඳ පසුතැවේ. අවසන ඔහු ජීවිතයෙන් අකාලයේ සමුගනී.
(07) මළගිය ඇත්තෝහි දෙවොන්දරා සං
එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ මලගිය ඇත්තෝහි එන චරිතයක් වන මොහු ලංකාවේ සිට පැවිදි ජීවිතයක් ගෙවා උපැවදි වී ශිෂ්‍යත්වයක් ලැබ ජපානයට පැමිණෙන චරිතයකි. මොහු නොරිකෝට ආදරය කළද ඔහු ගිහි ජීවිතයක් නොපැතූ අයෙකි.
නොරිකෝගේ නිවසින් ඔහුට ඇය හා විවාහ වීමට කැමැත්ත දී තිබියදී ඔහු නොරිකෝටත් නොදන්වා පිටත්වෙයි.නොරිකෝ වෙනත් අයෙකු හා විවාහ වීමට සූදානම්වන විට දෙවොන්දරා සං නැවත පැමිණේ. මොහුද පුද්ගල කේන්ද්‍රීය නව කතාවක ප්‍රධාන චරිතයකි.
ප්‍රියාන් ෂමික