රැකියාවක නියැළෙන ඔබට වැදගත් වන උපදෙස් 07ක්
1) ඔබ කරන රැකියාව කුමක් වුවද එය ආසාවෙන් සහ උනන්දුවෙන් කරන්න. එවිට ඔබට වැඩකරනවා යැයි නොදැනෙනු ඇත.
2) ඔබ නියැළෙන ක්ෂේත්රය පිළිබඳව හොඳින් හදාරන්න. නව දැනුම සොයායන්න. ඉන් ඔබ එම ක්ෂේත්රයේ ප්‍රවීණයෙකු වනු ඇත.
3) ප්‍රශංසාවලට වඩා අවවාද බලාපොරොත්තු වන්න. මන්ද ඉදිරියට යෑමට නම් ඔබ සකසා ගතයුත්තේ ඔබේ අඩුපාඩුය.
4) වෙනත් අය අනුන්ව විවේචනය කරන තැන්වලදී ඔබ ගොළුවෙකු සහ බිහිරෙකු වීමට වගබලා ගන්න.
5) නිරන්තරයෙන්ම ඔබ දැන් සිටින තත්ත්වයත් සමග තරගයක් ඇති බව සිතාගෙන වැඩ කරන්න.
6) ඔබේ රැකියාව කුමක් වුවද ඔබ හා ඔබේ රැකියාව සමාජයේ පැවැත්මට අවශ්‍ය බව මතක තබාගන්න.
7) ආචාර්ය අබ්දුල් කලාම් මෙසේ පවසා ඇත. 'ඔබ ඔබේ රැකියාවට ආදරය කරන්න. නමුත් ආයතනය සමග පෙමින් වෙළීමට නොයන්න. මන්ද ආයතනය, ඔබට ආදරය කිරීම නවත්වන දිනය ඔබ නොදන්නා නිසා.'
නදුන් ශ්‍යාමාල්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
