1) ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 21 වැනි සියවසේදී මිනිසා විසින් මුහුණ දෙන ප්‍රධානතම සෞඛ්‍ය ගැටලුව ලෙස 'ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිරෝධය' බව පෙන්වාදී තිබේ.
2) ප්‍රමාණය ඉක්මවා අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක භාවිත කිරීම ප්‍රතිජීවක අවභාවිතයකි. එමගින් ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිරෝධය ඇති වන අතර, ඊට ඖෂධයක් තවමත් සොයාගෙන නොමැත.
3) ලොව ප්‍රථම ප්‍රතිජීවක ඖෂධය වන්නේ 1920 වසරේ සොයාගත් 'පෙනිසිලින්' ය.
4) වර්තමානය වනවිට ලෝකයේ නන්දෙසින් 'පෙනිසිලීන්' සඳහා පමණක් නොව සියලුම ප්‍රතිජීවක ඖෂධයන් සඳහා ප්‍රතිරෝධය දක්වන තත්ත්වයක් පෙන්නුම් කෙරේ.
5) ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය කරන්නේ කෙටි කාලීන රෝගාබාධවලට බැවින් එය ලාභදායී ව්‍යාපාරයක් නොවේ. එබැවින් 2000 වසරෙන් පසු සම්පූර්ණයෙන්ම අලුතින් ප්‍රතිජීවක ඖෂධ වර්ග නිපදවීම නවතා දමා තිබේ.
6) ඇතැමුන් මස් පිණිස ඇති කරන කුකුළන්, එළුවන්, ගවයන් හා ඌරන් පමණක් නොව ඉස්සන්ටද ප්‍රතිජීවක හා වර්ධක හෝමෝන ලබාදෙන බැවින් එම මාංශ නිරතුරුවම ආහාරයට ගැනීමද ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිරෝධය ඇතිකිරීමට සමත් බව සොයාගෙන තිබේ.
7) හැකි සෑම අවස්ථාවකම ප්‍රතිජීවක ඖෂධ භාවිතයෙන් වැළැකීම හා භාවිතය අවම කිරීම මගින් මෙම අවදානම මගහරවා ගැනීමට හැකිය.