පුස්කොළ පොත් සැකසීම සහ පුස්කොළ පොත් පිළිබඳ තොරතුරු 7ක්
- 2 11 2017
- 11:12
- {{hitsCtrl.values.hits}} views
- ඉන්ද්‍රමූර්ති ජයසූරිය
01 සිංහල ජාතියේ ආරම්භක අවධියට ආසන්න කාලයක සිට ලේඛන කලාවේද ආරම්භය සිදුවී ඇත. මෙහිදී ගස් පතුරු හා ගස් පොතු , උණ පතුරු, ගල් පුවරු, වැකේ කොළ ආරම්භක අවධියේදී ලේඛනය සඳහා උපයෝගී කර ගැනුණි.
02 පුස්කොළය, තල කොළය ආශ්රයෙන් ලේඛනයට පිවිසි ප්රබලතම මාධ්‍යය විය. දීර්ඝ කාලයක් රඳා පැවැත්ම, සුරක්ෂිතව තබා ගැනීම නිසා එසේ වන්නට ඇත.
03 වළගම්බා රජ අවධියේ මාතලේ අලුවිහාරයෙන් ආරම්භ වූ ත්‍රිපිටක ග්‍රන්ථාරූඪය අද දක්වාම මෙම පුස්කොළය ආශ්රයෙන් ලියවී භාවිතයට ගැනේ.
04 ශ්‍රී රාහුල හිමි, ගුරුළුගෝමීන්, දෙවන පණ්ඩිත පරාක්‍රමබාහු, ආදී හෙළයේ මහා ගත්කරුවන් විසින් පුස්කොළය තුළින් පන්හිඳ අවධි කරන ලදී.
05 පුස්කොළය සැකසීමේදී ළපටි තල අතු (තල ගොබ) කපා ඒවායෙහි ඉරටු ඉවත්කොට විශේෂිත ක්‍රමයකට තම්බා මද පවනේත්, අවුවේත් වෙලා, අච්චුවකට තබා පොතක පිටු ආකාරයෙන් සකස් කරගනියි.
06 ත්‍රිපිටක සාහිත්‍යයෙන් මතු නොවුණු සිංහල සාහිත්‍ය බිහි වූයේද, ස්ථාපිත වූයේද මේ ආශ්රයෙනි. ඈත අතීතයේ සිට පැවත එන සිංහල ගද්‍ය සහ පද්‍ය සාහිත්‍ය තුළ වූ අටුවා ගැටපදය, අමාවතුර, සද්ධර්මරත්නාවලිය, සියබස්ලකර, කව්සිළුමිණ, ගුත්තිලය වැනි කෘතිද ඇති වූයේ පුස්කොළ පොත් තුළිනි.
07 මෑතක් වනතුරු ශ්‍රී ලංකිකයන්ගේ වේලාපත්කඩය (හඳහන) සකසා සටහන්කොට තැබීමට ජ්යෝතිශාත්රඥයෝ පුස්කොළය භාවිතයට ගත්හ.
තොරතුරු- රංගිරි තාක්ෂණ පියස, ගලහිටියාගම පුරාණ මහා විහාරය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

