දුම්කොළ හා මද්‍යසාර පනෙත් ඇති කරුණු 07ක්
- 7 08 2017
- 12:56
- {{hitsCtrl.values.hits}} views
- නඳුන් ශ්‍යාමාල්
2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත සම්බන්ධයෙන් අද දැනුවත් වෙමු.
01 වයස අවුරුදු 21ට අඩු කිසිවෙකුට සිගරට්, අරක්කු හෝ බියර් වැනි මද්‍යසාර නිෂ්පාදන අලෙවි කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.
02 අඩංගු තාර, නිකොටීන් ප්‍රමාණය පිළිබඳව සඳහන් කිරීමකින් තොරව දුම්කොළ නිෂ්පාදන විකිණීම තහනම් ය. සිගරට් පැකට්ටුවෙන් 80%ක් වැසෙන සේ රූපමය සෞඛ්‍ය අවවාදය නිරූපණය කර තිබිය යුතුය.
03 සිගරට්, අරක්කු හෝ බියර් වැනි මද්‍යසාර පිළිබඳ වූ ප්රචාරක දැන්වීම් තහනම්ය.
04 දුම්කොළ හෝ මද්‍යසාර නිෂ්පාදනවල වෙළෙඳ ලකුණු, වෙනත් භාණ්ඩවල ප්‍රදර්ශනය තහනම්ය.
05 දුම්කොළ හෝ මද්‍යසාර නිෂ්පාදන කිසිදු අවස්ථාවක නොමිලේ බෙදාහැරීම තහනම්ය.
06 මහජනයා ගැවසෙන සහ ප්‍රවේශ වන ස්ථානවල දුම්පානය සපුරා තහනම්ය.
07 දුම්කොළ හෝ මද්‍යසාර නිෂ්පාදන සමාගම් මගින් කිසිදු උත්සවයකට, අධ්‍යාපන කටයුත්තකට හෝ සංස්කෘතික කටයුත්තකට අනුග්‍රහය දැක්වීම තහනම් වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

