ජවිපෙ ගැන කරුණු 7ක්
- 15 02 2017
- 15:58
- {{hitsCtrl.values.hits}} views
- . .
01 ලංකා ඉතිහාසයේ ප්‍රධානතම කැරලි - 1971 - රටේ තරුණ අසහනය සම්බන්ධයෙන්, 1988 / 1989 - ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව දේශප්‍රේමී ව්‍යාපාරයක් ලෙස සහභාගි විය.
02 ශක්තිමත්ම ශිෂ්‍ය ව්‍යාපාරය පැවතීම - ප්‍රධාන පක්ෂ දෙකටම සිදුකළ නොහැකි වු පරිදි මෙරට ශක්තිමත්ම ශිෂ්‍ය ව්‍යාපාරය ගොඩනැංවිණ.
2011 ජනතා විමුක්ති පෙරමුණින් කුමාර් ගුණරත්නම් පාර්ශ්වය වෙන්වී පෙරටුගාමී පක්ෂය නිර්මාණය වීමත් සමගම ශිෂ්‍ය ව්‍යාපාරය පෙරටුගාමීන් සතුවිය.
03 වර්තමානයේද නිර්මාණාත්මක සහ වේගවත්ම ප්‍රචාරණ යාන්ත්‍රණය හිමි පක්ෂය
04 නිල වශයෙන් නායකයන් තිදෙනෙකි.
රෝහණ විජේවීර
සෝමවංශ අමරසිංහ
අනුර කුමාර දිසානායක
පක්ෂයේ ව්‍යාප්තිය අනුව මේ වනවිට තුන්වැනි බලවේගය ලෙස හැඳින්විය හැකිය.
05 ශක්තිමත්ම වෘත්තීය සමිති ව්‍යාපාරය සහ වැඩිම සාමාජිකයන් සහිත වෘත්තීය සමිති ව්‍යාපාරයක් පැවත්වාගෙන යෑම.වෘත්තීය සමිති ක්‍රියාකාරී මෙන්ම බලපැම් සිදුකළ හැකි මට්ටමේ පවතී.රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම වෘත්තීය සමිති ව්‍යාපාර ඇත.
06 manthri.lk වෙඩ් අඩවිය පවසන පරිදි 2016 වසරේ වඩාත් ක්‍රියාකාරී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 අතුරින් 04ක්ම හිමි පක්ෂය
1 - අනුර කුමාර දිසානායක
3 - සුනිල් හඳුන්නෙත්ති
5 - නලින්ද ජයතිස්ස
6 - බිමල් රත්නායක
07 මන්ත්‍රී වැටුප පක්ෂයේ පොදු අරමුදලට බැර කරන එකම පක්ෂ
පළාත් පාලන, පළාත් සභා සහ පාර්ලිමේන්තු යන සියලුම මහජන නියෝජිතයෝ තම වැටුප මෙම අරමුදලට බැරකරන බව පක්ෂය පවසයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
