ගෑස් උඳුනක් භාවිත කිරීමේදී සැලකිලිමත් වියයුතු කරුණු 7ක්
- 29 01 2018
- 10:44
- {{hitsCtrl.values.hits}} views
- ඉන්ද්‍රමූර්ති ජයසූරිය
01. ගෑස් සිලින්ඩරය සහ උඳුන සම්බන්ධ කරන ගෑස් බටය කිසිවිටක පලුදුවීමකට ලක්වී නොතිබිය යුතුයි. ඔබ නිවා දමා (OFF) කර තිබෙන ගෑස් ළිපෙන් වුවද 'ගෑස් ගඳ' දැනෙන්නේ නම් ගෑස් බටයේ දෙකෙළවර පලුදුවීමකට ලක්වී තිබේ යැයි සැක කළ හැකිය. ඒ ආකාරයට LP ගෑස්වලට අමුතු දුගඳක් එකතු කොට තිබෙන්නේද එය පරිහරණය කරන්නන්ගේ ආරක්ෂාවටය. නැතිනම් එවන් පලුදුවීම් නොදැනීමෙන් බොහෝ අනතුරු සිදුවිය හැකිය.
02. සෑම විටම ගෑස් ළිපෙන් එන දැල්ල නිල් පැහැ විය යුතුය. ඇතැම් විට ගෑස් සිලින්ඩරය අවසන් වන පුංචි කාල පරාසයකදී දැල්ල කහ පැහැවන අවස්ථා ඇත. එසේම සිලින්ඩරයෙන් ලිප වෙත එන ගෑස් ප්‍රමාණය නිතරම දිගු වේලාවක් රඳා පවත්වා ගැනීම සඳහා එක් තැනක වාතය හා මිශ්‍රව පවතී. එහි වාතයට නිරාවරණය වන ප්‍රමාණය අඩු වැඩි කිරීමට හැකි ආකාරයට ලිප පතුළින් උපකරණයක් තිබෙයි. එය නිවැරදිව සකසාගෙන නිතරම නිල් ගිනි දැල්ල ලබාගන්න. එමගින් ඉක්මනින් ආහාර පිසීමට හැකිවන්නා සේම කළු දැලි (කාබන්) භාජනවල බැඳීමක්ද සිදු නොවේ.
03. ගෑස් සිලින්ඩරය හා ගෑස් බටයද, ගෑස් කුකරය හා ගෑස් බටයද සම්බන්ධ වන ස්ථාන දෙක %තහඩු ‘ක්ලිප්’ දමා තදින් සවිකොට තිබිය යුත්තේ නිතරම එමගින් ගෑස් කාන්දුවීම්වලට ඇති ඉඩකඩ වැඩි නිසාය.
04. උදෑසන, ප්‍රථමයෙන් ඔබ ගෑස් ළිප දැල්වීමට පෙර දොරජනෙල් විවෘත කොට, සුළු වේලාවකින් ගෑස් කුකරය දැල්වීමට වග බලාගත යුතුය. ඒ රාත්රියේදී හෝ ඔබ බොහෝ වේලාවක් එය නිවා (OFF) තැබීමෙන් වුවද සුළු කාන්දු වීම් විශාල ප්‍රමාණයක් එක්වී එකවර දැල්වීමේදී නිවෙසද ගිනි ගැනීමට හැකි නිසාය. එවන් අනතුරු බොහෝ සිදු වී තිබේ.
05. ගෑස් සිලින්ඩරය ඔබට වැඩි කලක් පරිහරණය කිරීමට අවශ්‍ය නම්, පිසීමට අවශ්‍ය ව්‍යංජන එකවර පිළියෙල කරගෙන වරින්වර ලිප ක්‍රියාත්මක නොකර එක වර %ON^ කරගත් ලිපෙන් සියලු ආහාර පිසගන්න. නැතිනම් එකම භාජනයම නොසෝදා වරින්වර මාරු කරමින් එකම උෂ්ණත්වයේ රඳවාගෙන පිසගන්න.
06. සෑම ආහාර වේල් සැකසීමකින් පසුවම ගෑස් කුකරය වටා ඉහිරුණු දෑ සුද්ද පවිත්‍ර කිරීමෙන් වැඩි කාලයක් ඉන් ප්‍රයෝජන ගත හැකිය. ඊට වෙනමම අත්පිස්නාවක් හෝ රෙදි කැබැල්ලක් තබාගන්න.
07. දල්වන ලද (ON) ගෑස් ලිපේ ගින්දර නිතරම භාජනයේ පරිමාවට ප්‍රමාණවත් වන ලෙසට අඩු වැඩිය සකසා ගැනීමටද මතක තබාගන්න.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


