ක්ෂේම භූමි පිළිබඳ කරුණු 7ක්
- 6 02 2018
- 13:17
- {{hitsCtrl.values.hits}} views
- ඉන්ද්‍රමූර්ති ජයසූරිය
01 උෂ්ණ කාන්තාර තුළ පිහිටි භෝග වගාවට ප්‍රමාණවත් තරම් ජලය ඇති සාරවත් භූමි ප්‍රදෙශ ක්ෂේම භූමි ලෙස හඳුන්වයි. ප්‍රමාණය අතින් ක්ෂේම භූමි ඉතා කුඩා වීමට හෝ තරමක් විශාල වීමට පුළුවන.
02 කාන්තාරවල මනුෂ්‍ය ජීවිතය කෙරෙහි ක්ෂේම භූමි ඉතා වැදගත් බලපෑමක් ඇති කරයි. ස්ථාවර ගොඩනැගිලි ඉදිකරනුයේ ක්ෂේම භූමි වල වන අතර ඛනිජ වර්ග සහ ඛනිජ තෙල් ගවේශණය කරන්නන්ද නිරතුරුව ගමන් කරන්නේ මේවා ඔස්සේය.
03 ක්ෂේම භූමි බොහොමයකට ජලය ලැබෙන්නේ භූගත දිය උල්පත්වලිනි. තෙත් ප්‍රදේශවලින් ආරම්භ වී කාන්තාර හරහා ගලායන විශාල ගංගාවලින් ජලය ලබාගෙන කෘෂිකර්මාන්තය කරන ප්‍රදේශවලට ද ක්ෂේම භූමි යන නම සමහර අවස්ථාවල පමණක් ව්‍යවහාර වෙයි. උදාහරණ ලෙස නයිල් ගංගාව දැක්විය හැකි අතර නයිල් ගංගාව කි.මී. 2560ක්ම කාන්තාරයක් හරහා ගලායයි.
04 ඊජිප්තුවේ කෘෂිකාර්මික කටයුතු සඳහා ගැනෙන වර්ග කිලෝමීටර 35840කට අධික භූමි ප්‍රමාණයක් නයිල් ගංගාව දෙපස පිහිටා ඇත. මේ නිසා ඊජිප්තුව ලෝකයේ විශාලතම ක්ෂේම භූමිය වශයෙන් වුවද හැඳින්විය හැකිය.
05 භූමිය සේදීයාමක් නොමැති නිසා පස සාරවත් වීමද, සූර්යාලෝකය ඕනෑ තරම් ලැබීමද යන කාරණය හේතුවෙන් මේවා ඉතාමත් සාරවත් තත්ත්වයට පත්වෙයි. හැම ක්ෂේම භූමියකම භෝග වගාව සහ සතුන් ඇතිකිරීම කරනු ලැබේ. රටඉඳි එහි ප්‍රධාන වගාව වෙයි.
06 වර්තමානය වන විට ක්ෂේම භූමි බොහොමයක් ජනගහනය අධික ස්ථාන වෙයි. තම ක්ෂේම භූමියට පිටතින් ඇති ප්‍රදේශවලින්ද මෙහි ජීවත් වන්නෝ ආදායම් ලබාගනිති. ඛනිජ තෙල් ලැබෙන ප්‍රදේශවල එම ව්යාවපාරයට අදාළ කාර්යාල හා වැඩබිම් ආදිය පිහිටුවා ඇත්තේ මේවායෙහිය.
07 ශීත කාන්තාරවලද ක්ෂේම භූමිවලට යම් සමානත්වයක් ඇති භූමි දක්නට ලැබේ. කෙළින්ම සූර්ය රශ්මියට මුහුණ දෙන ආකාරයේ පිහිටීමක් ඇති, සිසිල් සුළංවලින් ආවරණය වූ උෂ්ණත්වය උරාගන්නා කළු පැහැති පසින් යුත් ප්‍රදේශවල මෙවැනි ඒවා දක්නට ඇති අතර මේවායේ පැළෑටි වැඩීම තරමක් ශීඝ්‍රය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


