කඳු-නිම්න-ග්ලැසියර් ආශ්රිත ඛාදිත භූ රූප 7ක්
- 20 09 2017
- 09:54
- {{hitsCtrl.values.hits}} views
- . .
යම්කිසි ප්‍රෙද්ශයක උෂ්ණත්වය හිමාංකයට වඩා අඩු නම් එම ප්‍රෙද්ශවලට වර්ෂාව ලෙස ලොකු කුඩා හිම කැට පතිත වෙයි. මෙසේ පතිතවන හිම දියවීමට තරම් උෂ්ණත්වයක් නොමැති වීමෙන් හිම කෙත් නිර්මාණයවෙයි. එම හිම කෙත් භුමියේ බෑවුමට අනුව සෙමෙන් ගමන් කිරීමක් සිදුවෙයි. ෙමසේ භූතලය මත ගමන් කරන අයිස් ස්කන්ධ ග්ලැසියර් ලෙස හඳුන්වයි. මෙලෙස ග්ලැසියර් නිර්මාණය වන පුදේශ, ඒවායේ ස්වභාවය, විශාලත්වය වැනි කරුණු පදනම් කොටගෙන විවිධ භූ රූප නිර්මාණය වෙයි.
සර්කය - උත්පාටන ක්‍රියාවලියේ (ජලය මිදීම හා දියවීම නිසා කුඩා ගල් පතුරු ගැලවී යාම) ප්‍රතිඵලයක් ලෙස කඳු මුදුනක සෑදෙන හාන්සි පුටුවක් වැනි ආවාටයකි.
ගිරිවිල - සර්කය ජලයෙන් පිරුණු විට ගිරිවිලකි.
හේන්තුඩ - සර්ක කිහිපයක් කන්දක සිවු දිශාවෙන් නිර්මාණය වීමෙන් මෙම උල් හැඩැති කඳු මුදුන් වේ.
ලම්භ නිම්න - ප්‍රධාන නිම්නයට ලම්භකව කඳුකර ප්‍රදේශයක ඇති කුඩා නිම්න ඔස්සේ ග්ලැසියර් ගමන් කරන විට, නිර්මාණය වන නිම්න ලම්භ නිම්න වේ. කඳු මුදුනේ සිට ගලා බසින ගංඟා ප්‍රධාන නිම්නයට ඇද වැටෙන විට දිය ඇළි නිර්මාණය වේ.
අරේටය - දෙපසින් සෑදෙන සර්ක හේතුවෙන් තියුණු දාර සහිත කඳු නාරටියක් නිර්මාණය වේ. මෙය දැති බෙදුම නමින්ද හැඳින්වේ.
'U' හැඩ නිම්නය - ග්ලැසියර් කුට්ටියක් ගමන් කිරීම හේතුවෙන් පොළොවේ නිර්මාණය කරනු ලබන 'U' හැඩැති නිම්නයේ පතුල පුළුල් හා ගැඹුරු ලෙස නිර්මාණය වේ.
විල් වැව - ග්ලැසියරයක් ගමන් කරන විට, මෘදු පාෂාණ ඉවත් වී ප්‍රතිරෝධක පාෂාණ ඉවත් නොවීම නිසාත් සිදුවන අසම ඛාදනයෙන් තැනින් තැන වළගොඩැලි නිර්මාණය වීමෙන් මෙය නිර්මාණය වේ.
- සප්නා කුරේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

