01. ගුරුවරයා කියන, අනෙකුත් සියලු ළමයින්ට තේරෙන යම් දෙයක් එක් දරුවෙකුට පමණක් නොතේරීම හා දරුවා වෙනත් දරුවන්ට වඩා වෙනස් ආකාරයෙන් කතා කිරීම හෝ කතා නොකර සිටීම.
02. දරුවාගේ පවුලේ අයට හැරෙන්නට වෙනත් අයට දරුවා කියන දේ නොතේරෙන අවස්ථා හා දරුවා අනෙකුත් දරුවන් සමග අන්තර්ක්‍රියා නොදැක්වීම.
03. දරුවාට කොටු, රවුම් වැනි හැඩයන් බලා ඇඳීමට නොහැකි වීම හා දරුවාට අකුරු පැටළිලි සහගත වීම.
04. සත්‍ය වශයෙන් වටපිටාවේ පවතින වස්තූන් උපයෝගී කරගෙන දරුවාට එය ගැන කියා දීම (පොත්, පෑන් භාවිත කරනවා වෙනුවට)
05. එක් වරකට එක ක්‍රියාකාරකමක් පමණක් දරුවාට කරන්නටදී එය අවසන් කළ පසු වෙනත් ක්‍රියාකාරකමකට දරුවා යොමු කිරීම හා යම් එක් ක්‍රියාකාරකමක් වුවද කොටස් කීපයකට බෙදා එකින් එක කර අවසන් කර එය සම්පූර්ණ කිරීමට දරුවාට උපදෙස්දීම.
06. දරුවාට ලබාදෙන ක්‍රියාකාරකම් එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරකම් හා සම්බන්ධ කිරීමට උත්සාහ කිරීම හා අවසන් කළ ක්‍රියාකාරකමක් නැවතත් කිහිප වරක් කිරීමට අවස්ථාව ලබාදීම. මෙය දරුවාගේ හැකියාව තවදුරටත් වැඩිදියුණු වීමට හේතු වේ.
07. දරුවා මහන්සිවී යමක් කරන විට හෝ දරුවා යමක් සාර්ථකව නිම කළ විට දරුවාට ඉහළින් ප්‍රශංසා කිරීම, දරුවා තව තවත් දිරිමත් කිරීම හා දරුවා කරන වැරදි හැසිරීම් ගැන නොසිතා දරුවාගේ යහපත් හැසිරීම්වලට ප්‍රශංසා කිරීම.
තොරතුරු සහ චිත්‍ර සටහන් - ළමා ලේකම් කාර්යාලය ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය