1) මුල්ම අත් ඔරලෝසුව
මුලින්ම මිනිසාට ගෙනයා හැකි ඔරලෝසුවක් නිමවී දැනට අවුරුදු පන්සියයක් පමණ ගතවෙනවා. ඒ වෙනුවෙන් ගෞරවය හිමිවෙන්නේ පීටර් හීල්. ඔහුගේ නිර්මාණය මුල් කාලයේ පෙන්ඩනයක් ලෙස පැළඳීම සිදු විය. අත් ඔරලෝසු පැළඳීම ප්රධාන කොට කාන්තාවන් අතරින් සිදුවූ අතර, පිරිමින් සාක්කු ඔරලෝසු ගෙනගියහ. පිරිමින්ට අත්ඔරලෝසුව මුලින්ම පැළඳීම ආරම්භ වන්නේ 1900 මුලදී වන අතර ඒ යුද භටයන් විසිනි. කෙසේවුවත් ලොවප්රථම අත් ඔරලෝසුව ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියන්නේ 1868 වසරේදී හංගේරියාවේදී පතේ පිලිප් ආයතනය නිමවූ අත් ඔරලෝසුවකි.
2) ලෝ ප්රකට සන්නාම
ලොව අති ප්රකට සහ මිලාධික ඔරලෝසු සන්නාම විස්සක් මෙලෙස පිළිවෙළින් ඉදිරිපත් කරන්නෙමු. Audemars Piguet, Vacheron Constantin, Patek Philippe, Blancpain, IWC Schaffhausen, Rolex, Ulysse Nardin, Panerai, Piaget SA, Cartier,Bell & Ross, Omega, Bremont, TAG Heuer, Seiko, Louis Moinet, A Lange & Sohn මේ ඔරලෝසු සන්නාම විස්ස අතර ඔබ දන්නා සන්නාම ඇත්තේ කීයෙන් කීයද? එයින් ඔවුන්ගේ ප්රචාරණ මට්ටම තේරුම් ගත හැක.
3) ඩිජිටල්කරණය
අත් ඔරලෝසුව ඩිජිටල්කරණය වී දැනට අවුරුදු 40ක් පමණ ගෙවී අවසන් වුවද තවමත් දිනය, වෙලාව, දවස, එලාම්, ස්ටොප්වොච් වලින් එහාට ගිය යමක් සිදුව නැත. මිලෙන් එන්න එන්නම වැඩි වීම හැරෙන්නට වෙනත් විශේෂ වෙනසක් ඩිජිිටල් ඔරලෝසුවට සිදු නොවීම ස්මාට්වොච් නිපදවීමේ අභාග්යයද විය හැක.
4) ඉහළම මිල
ඉහළම මිල දක්වන සන්නාම අතර රොලෙක්ස්, ඔමො, පතේ ෆිලිප්, බ්රේට්ලින්, ටැග් හොයා, කාටියර් වැනි සන්නාම ඇත. Chopard 210 karat ඒ අතරින් දැනට වාර්තා වන මිළ අධිකම ඔරලෝසුව යැයි හැඳින්විය හැක. බැලූ බැල්මට ආභරණයක් වන එය ඇමරිකානු ඩොලර් මිලියන 26ක් වන අතර දියමන්ති සහ රත්තරනින් සාදා ඇත.
5) ස්මාට් වොච්
2010න් පසු පැමිණි ස්මාට්වොච් ප්රධානකොට අත් ඔරලෝසු නොව පැළඳිය හැකි පරිගණක යැයි කිව හැක. එය පාලනය වන්නේම ජංගම දුරකතනය පාලනය වන මෙහෙයුම් පද්ධතියෙන්ම වන අතර එහි ඇති බොහෝ පහසුකම ස්මාට්වොචයටද ඈඳී පැමිණිනි.
6) පටියක්
ස්මාට් වොච් එකකට වඩා මිළ අඩු, වතුරට ඔරොත්තු දෙන, සෞඛ්යය සම්බන්ධයෙන් වැඩි අවධානයක් දක්වන ෆිට්නස් බෑන්ඩ්ස් දැන් වෙෙළඳ පොළ ආක්රමණය කර ඇත. ඒ අනුව ඔබගේ හෘද ස්ඵන්දනය, ඔබ තබන ලද පියවර ප්රමාණය, ඔබ ඇවිදගිය දුර, ඔබගේ නින්ද පිළිබඳ විස්තරයක් සහිතව ෆිට්නස් බෑන්ඩ්ස් ඔරලෝසුවක්ද මුල් කර වෙෙළඳපොළට පැමිණ ඇත.
7) අනාගතය
අත් ඔරලෝසුවේ අනාගතය සම්බන්ධයෙන් දැනට පවසන්නට ඇත්තේ එය ඉදිරියට නොවෙනස්ව පවතිනු ඇති බවයි. එහෙත් ස්මාට්වොච් උපාංග නම් ස්මාට්ෆෝන්යට සාපේක්ෂව වෙනස් වෙමින් යනුඇත.