අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් භාර ගන්නා දිනය අප්‍රේල් 24 වැනිදායින් අවසන් වන බවත්, කිසිදු ආකාරයකින් එම දිනය දීර්ඝ නොකරන බවත් විභාග කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
මේ නිසා මෙදිනට පෙර නැවත සමීක්ෂණ පිළිබඳ අයදුම්පත් යොමු කිරීමට කටයුතු කරන ලෙසද විභාග කොමසාරිස් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
මේ අනුව පාසල් අයදුම්කරුවන් පාසලේ විදුහල්පතිවරයා හරහාත්, පෞද්ගලික අයදුම්කරුවන් තැපැල් මගිනුත් අදාළ අයදුම්පත් එවිය යුතු බවද හෙතෙම පවසා සිටියේය.
අප්‍රේල් 24 වැනිදායින් පසුව ලැබෙනා අයදුම්පත් භාර නොගන්නා බවද විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය.