අවසන් ජාත්‍යන්තර තරගයට ක්‍රීඩාකරන කුමාර් සංගක්කාර සිය ක්‍රිකට් දිවියේ ක්‍රීඩාකළ අවසන් ඉනිම දැන් අවසන් විය.
රවිචන්ද්‍රන් අශ්වින්ගේ පන්දුවක් හමුවේ මුරලි විජේ වෙත උඩපන්දුවක් ලබාදී සංගා දැවී ගියේය. පන්දු 18කට මුහුණදී සිටි සංගක්කාර දැවීයන විට ලකුණු 18 ක් රැස්කරගෙන සිටියේය.
ඉන්දීය කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 413ක ඉලක්කයට පිළිතුරු ලෙස තම දෙවැනි ඉනිම ක්‍රීඩාකරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට පන්දුවාර 11 අවසානයේ ලකුණු 45ක් රැස්කරගෙන සිටියි.
නොදැවී කඩුල්ලේ රැදී සිටින දිමුත් කරුණාරත්න ලකුණු 10 ක් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 05 ක් රැස්කරගෙන සිටියි.