සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කර කොළඹ පි සරා ඕවල් ක්‍රීඩාංගණයේදී අද (26දා) අවසන් වූ දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 72 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව මෙම තරගාවලිය තරග 2 – 0 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.
පසුගිය බ්‍රහස්පතින්දා (22දා) අරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම තම පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 200 ක් රැස්කිරීමට සමත්විය. එයට පිළිතුරු ලෙස කොදෙව් කණ්ඩායමට පළමු ඉනිම වෙනුවෙන් රැස්කිරීමට හැකිවූයේ ලකුණු 163 ක් පමණි.
නැවතත් තම දෙවැනි ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායමට එවරද සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 206 ක් පමණි. ඒ අනුව කොදෙව් කණ්ඩායමට ලකුණු 244ක් ඉලක්කයක් හිමිවිය. කෙසේ නමුත් සියල්ලන් දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 171 ක් පමණි. තරගයේ වීරයා ලෙස මිලින්ද සිරිවර්ධන සම්මාන දිනාගත් අතර, තරගාවලියේ වීරයා ලෙස රංගන හේරත් සම්මාන දිනාගත්තේය.