ඕෂිත වරකපිටිය
දිමුත් කරුණාරත්න හා සදීර සමරවික්රම පළමු ඉනිමේදි වාර්තා කළ දැවැන්ත ඉනිම් හා මලින්ද පුෂ්පකුමාරගේ අතිසාර්ථක පන්දුයැවීම නිසාවෙන් එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමගින් පැවති දෙවැනි නිළනොවන සිව්දින තරගය කඩුළු 3 කින් ජය ගැනීමට ශ්රී ලංකා ’ඒ’ කණ්ඩායම සමත් විය. මේ සමගින් තරග දෙකකින් සමන්විත සිව්දින තරගාවලිය තරග 1-1 ක් ලෙසින් කණ්ඩායම් දෙකම සම තත්වයෙන් යුතුව අවසන් විය.
දඹුල්ල ක්රීඩාංගණයේදී පැවති තරගයේ සිව්වැනි දිනයේදී ලකුණු 90 ක ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා ක්රීඩකයින් කඩුළු 7 ක් දැවී සිය ඉලක්කය පසු කර යාමට සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත ලයන්ස් ක්රීඩකයෝ සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 353 ක් රැස් කළහ.
එහිදී ශ්රී ලංකාව වෙනුවෙන් අතිවිශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ වමතින් පිට දඟ පන්දු යවන මලින්ද පුෂ්පකුමාර කඩුුළු 8 ක් දවා ලීය.
ඉන් පසු සිය පළමු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංක ඒ ක්රීඩකයින් සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 548 ක් රැස් කළහ එහිදී දිමුත් කරුණාරත්න ලකුණු 212 ක් රැස් කරමින් ද සදීර සමරවික්රම ලකුණු 185 ක් රැස් කරමින්ද දස්කම් දැක්වීමට සමත් වූහ.
ඒ අනුව ලකුණු 195 ක අවාසියක් සහිතව පිටියට පිවිසි එංගලන්ත ලයන්ස් ක්රීඩකයින්ට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී රැස් කර ගත හැකි වුයේ ලකුනු 284 ක් පමණි. නැවතත් ශ්රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ මලින්ද පුෂ්පකුමාර කඩුළු 5 ක් දවා ගත්තේය.
තරගාවලියේ පැවති පළමු තරගයෙන් ලකුනු 195 ක ජයක් හිමි කර ගැනීමට එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමත් විය.