ඇපලෝ යානාව සඳහට යොමු කළ සමයේදි මිනිසා විසින් නිර්මාණය කරන ලද අභ්‍යාවකාශ වස්තුවක (ග්‍රාහකයක) කොටසක් එළැඹෙන නොවැම්බර් මස 13 වැනිදා පෘථිවිය හා ගැටීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
WT 1190F යන විද්‍යාත්මක නමින් හැදින්වෙන මෙම අභ්‍යාවකාශ වස්තුව ශ්‍රී ලංකාවේ දකුණු දෙසින් වන්නට පිහිටි ඉන්දියන් සාගරයට වැටීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එය ශ්‍රී ලංකාවේ සිට සැතපුම් 40ක පමණ දුරකින් මුහුදට වැටෙනු ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ. පෘතුවි වායුගෝලයට ඇතුළත් විමෙන් පසුව දැවී යනු ඇති බවද ඔවුන් සඳහන් කරනවා. මෙම අභ්‍යාවකාශ වස්තුව මීටර් දෙකක විශ්කම්භයකින් යුතු බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
www.independent.co.uk ඇසුරෙනි
But any remnants could dive bomb from the skies – and an international team of astronomers are using it to test emergency plans for dealing with potentially apocalyptic space objects.