පළාත් සභා මැතිවරණ සංශෝධන පනතට සහයෝගය ලබාදුන්නේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ ක්රමයේ පවතින විකෘතිතාව නිවැරදි කිරීමට බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
කාන්තා නියෝජනයක් ඉදිරියට දමා සංශෝධන පනත ගෙන ආවේ පළාත් සභා මැතිවරණය කල්දමා ගැනීමට බවත්, එහෙත් තම පක්ෂය ඉදිරිපත් කළ යෝජනාවලට අනුව පළාත් සභා මැතිවරණය වසරක් තුළ පැවැත්වීමට ආණ්ඩුවට සිදුවන බවත් එම පක්ෂයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා සඳහන් කළේය.
රාජපක්ෂ වියරුව තමන්ගේ ජයග්‍රහණය සඳහා පළාත් සභා මැතිවරණයට මල්ටි බැරල් ප්‍රහාර එල්ල කරනවා සේ ප්‍රහාර එල්ල කර සීසීකඩ කර දමා කඩින් කඩ මැතිවරණය පැවැත්වූ බවද අද (21දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
මෙම විකෘතිතාව නිවැරදි කරගත යුතුව තිබෙන අතර, නව මැතිවරණ ක්රමයක අවශ්‍යතාව තිබූ බවත්, මෙම තත්ත්වය සැලකිල්ල ගෙන ඊයේ (20දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ පනතට සහාය දැක්වූ බවද සංවිධායකවරයා පවසා සිටියේය.