“ගෝලීය අභියෝග අභියස ජාතික ආරක්ෂාව“ යන තේමාව යටතේ ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කරනු ලබන ආරක්ෂක සමුළුව අද (01දා) සහ හෙට කොළඹ දී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මෙම සමුළුව සඳහා රටවල් 34ක නියෝජිතයින් සහභාගී වීමට නියමිත අතර සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ඇෆ්ගනිස්ථානයේ හිටපු ජනාධිපති හමීඩ් කර්සායි මහතා සහභාගී වීමට නියමිතය.
2011 වසරේ ආරම්භ කළ මෙම සමුළුව මෙවර පැවැත්වෙන්නේ පස් වන වරට බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවසා සිටියේය.