2015 වර්ෂයේ ගත වූ මාස 3 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 11,611 ක් දිවයින මුළුල්ලෙන්ම වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීම්‍ෙ අවශ්‍යතාව මෙම තත්ත්වය මගින් පෙන්නුම් කෙරේ. එමෙන්ම උණ රෝගය වැළඳීමෙන් දින තුනක් ඉකුත් වූ පසුත් රෝගය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් බවද වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කරයි. ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 46.67% ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙනි. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වූයේ 4 වන සතිය තුළදීය.