චැනල් 4 නාලිකාව විසින් ශ්‍රී ලංකාවේ යුද හමුදාව විසින් සිදුකළා යැයි කියන යුද අපරාධ පිළිබඳව එළිදැක් වූ වීඩියෝ දර්ශණ පිළිබඳ පරීක්ෂණ අඛණ්ඩව සිදුකරගෙන යන බව යුද හමුදා මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් කියයි.
පසුගිය ආණ්ඩුව විසින් 2013 වසරේදී මෙම පරීක්ෂණ ආරම්භ කළ බවත් එම පරික්ෂණ තව දුරටත් කරගෙන යන යුද හමුදාව සඳහන් කරයි.
එම පරීක්ෂණවල අරමුණ වන්නේ අදාළ වීඩියෝ දර්ශන වල සිටිනුයේ යුද හමුදා සාමාජිකයන්ද යන්න තහවුරු කර ගැනීම බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.