සත්කාරක එංගලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින් අළු බඳුන කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි හා අවසන් තරගයෙන් ඉනිමකින් හා ලකුණු 46 ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත් විය.
ලන්ඩනයේ කෙනිංටන් ඕවල්හිදී අද (23) අවසන්වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිම සඳහා සියළු දෙනා දැවී ලකුණු 481 ක් රැස් කළේය. කෙසේ වෙතත් ඊට පිළිතුරු ලෙස එංගලන්තයට සිය පළමු ඉනිම සඳහා රැස් කරගත හැකි වූයේ සියල්ලන් දැවී ලකුනු 149 ක් පමණි. ඒ අනුව ලකුණු 332 ක් පසුපසින් සිටි එංගලන්ත කණ්ඩායමට ඉනිමක පරාජයෙන් බේරීම සඳහා නැවතත් පන්දුවට පහර දීමට සිදුවිය. කෙසේ වෙතත් එවරද එංගලන්තයට දෙවැනි ඉනිමේදී සියළු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 286 ක් පමණි.
තරගයේ වීරයා සම්මානය ඔස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් විසින් හිමි කර ගන්නා ලද අතර, තරගාවලියේ වීරයා සම්මානය හිමි වූයේ මෙම ඔස්ට්‍රේලියාවේ ක්‍රිස් රොජර්ස් හා එංගලන්තයේ ජෝ රූට් හටයි.
කෙසේ වෙතත් තරග පහකින් සමන්විත තරගාවලියේ තරග 3-2 ලෙස ජයගත් එංගලන්ත කණ්ඩායමට අළු බඳුන ශූරතාව හිමිවිය.