එදා අද වැනි දවසක අපට අහිමි වූ කුසලානය
                                 -  28 04 2014 
                                 -  12:31
                                 - {{hitsCtrl.values.hits}} views
                                  - . . 
                                
                            
                        
                        2007 වසරේ බටහිර ඉන්දීය කොදෙව්හි පැවති එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර ඔස්ට්‍රේලියානුවන් එම තරගය ජය ගත්තේ හරියටම අද වැනි දිනකය. එනම් අප්‍රේල් මස 28 වැනිදාය.
තවත් ලෝක කුසලාන ජයක් බලාපොරොත්තුවෙන් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩයන් මෙන්ම ක්‍රිකට් ප්රේක්ෂකයන්ගෙන් එම සිහිනය උදුරා ගැනීමට ඇඩම් ග්‍රිල් ක්‍රිස්ට් එදා බටහිර ඉන්දීය කොදෙව්හිදී සමත්විය.
මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට එදින වර්ෂාවත් හරස් විය.
එම තරගයෙන් ශ්‍රී ලංකාව පරදා ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 53ක ජයක් ලැබීය.
ඔස්ට්‍රේලියා කණ්ඩායම 281/4 (පන්දුවාර 38)
ඇඩම් ග්‍රිල්ක්‍රිස්ට් 149 (පන්දු 104,4x13,6x8)
මැතිව් හේඩන් 38 (පන්දු 55,4x3,6x1)
රිකී පොන්ටින් 37 (පන්දු 42,4x1,6x1)
ලසිත් මාලිංග 2/49 (පන්දුවාර 8)
දිල්හාර ප්‍රනාන්දු 1/74 (පන්දුවාර 8)
ශ්‍රී ලංකා කණ්ඩායම 215/10 (පන්දුවාර 36)
සනත් ජයසූරිය 63 (පන්දු 67,4x9)
කුමාර් සංගක්කාර 54 (පන්දු 52,4x6)
චාමර සිල්වා 21 (පන්දු 22,4x1,6x1)
මයිකල් ක්ලාක් 2/33 (පන්දුවාර 5)
බ්‍රැඩ් හොග් 1/19 (පන්දුවාර 3)
තරගයේ වීරයා ඇඩම් ග්‍රිල්ක්‍රිස්ට්
තරගාවලියේ වීරයා ග්ලේන් මැග්‍රාත්
	
	
	
	
ඡායාරූප AFP
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                