මගීන් 580ට ගමන් කළ හැකි ඒ 380 වර්ගයෙන් ගුවන්යානයක් (ගුවන් බසයක්) කටුනායක ගුවන් තෙටුපොළට හදිසියේ ගොඩ බෑවේය.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට ඩුබායා බලා ගමන් කරමින් තිබූ මෙම ගුවන් යානයේ ඇති වූ කාර්මික දෝශයක් හේතුවෙන් එය කටුනායකට ගොඩ බස්සව තිබේ.
ඒ අවස්ථාවේ මගීන් 222ක් හා කාර්ය මණ්ඩලයේ 22ක් ගුවන් යානයේ ගමන් කොට තිබේ.
කාර්මික දෝශය නිවැරදි කරගෙන ඉන්ධනද ලබාගෙන නැවතත් ගුවන් යානය ඩුබායි බලා පියාසර කළේය.