තරිකුණාමලය, සාම්පූර් ප්‍රදේශයේ අක්කර 505ක භූමියක ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 500 ක ගල්අඟුරු තාප විදුලි බලාගාර ව්‍යාපෘතියට මධ්‍යම පරිසර අධිකාරිය විසින් කොන්දේසි සහිතව අනුමැතිය ලබාදී තිබේ.
බලාගාරයෙන් ජනනය වන අළු මගින් ජලය හා වාතය දූෂණය වීම පාලනයට පියවර ගැනීම, ජනනය වන අළු භූමියේ තැන්පත් කිරීම වෙනුවට 100% වෙනත් ප්‍ර‘යෝජනයකට යොදාගැනීම, ව්‍යාපෘතියේ ක්රියාත්මකභාවය හා ප්රශස්ත ලෙස පවත්වා ගෙන යාම උදෙසා පරිසර දූෂණ පාලන ක්‍රම‘වේද සාර්ථක ලෙස ක්‍රියාවට නැංවීම හා පවත්වාගෙන යාම සිදු කළ යුතු බවට වූ කොන්දේසි මත මධ්‍යම පරිසර අධිකාරිය මෙම අවසරය ලබා දී තිබේ.
එමෙන්ම, ව්‍යාපෘති යෝජක මෙන්ම ව්‍යාපෘති නියාමන ආයතනය මගින් ආරම්භයේ සිටම විධිමත් සැලැස්මක් යටතේ පසුවිපරම් කටයුතු සිදුකිරීම, ව්‍යාපෘතිය මගින් ප්‍ර‘දේශයේ සාමාන්‍ය ජනජීවිතයට හා පදිංචිකරුවන්ට පීඩාකාරී නොවන ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම, උණුසුම් ජලය ඉක්මනින් සිසිල් වීම සඳහා විවෘත මුහුදට වෙත හෝ පරිසරයට මුදාහැරීම වෙනුවට ව්‍යාපෘතිය තුළම ප්‍රතිචක්‍රීකරණය කිරීම, වායු දූෂණය පාලනය කිරීම හා අවම කිරීමට පියවර ගැනීම, වායුව මුදාහරින දුම් කවුළු අනාගත අවශ්‍යතා අනුව මීටර් 150 සිට තවදුරටත් උස් කිරීම සඳහා අවකාශ සැලසීම ඇතුළු තිරසාර පදනමකින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ නෛතික අවශ්‍යතාව ද අවධාරණය කර තිබේ.
සාම්පූර් තාප බලාගාරය මෙගාවොට් 250 බැගින් වූ විදුලි ජනක යන්ත්‍ර 2 ක් යොදාගෙන මෙගාවොට් 500 ක විදුලිබල උත්පාදනය මගින් ලාභදායී ලෙසින් ජනනය කරන ලද විදුලිය සැපයීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වන අතර, සීමාසහිත ත්‍රිකුණාමලය විදුලිබල සමාගම විසින් අදාළ ව්‍යාපෘති යෝජනාව සිදුකර තිබේ.
මෙම ව්‍යාපෘතිය සඳහා දෛනික ගල් අඟුරු අවශ්‍යතාව ටොන් 5149 ක් වන අතර, ඉන්දුනිසීයාව, ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව යන රටවලින් ආනයනය කරන ලද ගල්අඟුරු මෙහිදී යොදාගැනීමට අපේක්ෂා කෙරේ. කොඩ්ඩියාර් බොක්කෙන් මුහුදු ජලය පොම්ප කිරීම මගින් ව්‍යාපෘති මෙහෙයුමට අදාළ ජල අවශ්‍යතාව සපුරා ගැනීමට ද සැලසුම් කර ඇත.
සිසිලන කුලුනු රහිතව මුහුදු ජලය භාවිතයෙන් ක්‍රියාත්මක වන සිසිලන පද්ධතියක් ව්‍යාපෘතිය සඳහා යොදවා, නිෂ්පාදන ක්‍රියාවලියේ උණුසුම් වන ජලය ෂෙල් බොක්ක ආශ්රිත වෙරලේ සිට මීටර් 480 ක් දුරින් හා මීටර 07 ක් ගැඹුරින් වූ ස්ථානයකට මුදාහැරීමට නියමිතව තිබුණද එම යෝජනාව සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ එකඟතාවක් ලැබී නොමැත.
අධිකාරියේ නිර්දේශය වන්නේ උණුසුම් අපජලය මගින් ෂෙල් බොක්කේ පරිසර පද්ධතියට සිදුවන බලපෑම් අවම කිරීම සඳහා ෂෙල් බොක්ක වෙත ජලය මුදාහැරීම වෙනුවට විකල්ප සිසිලන ක්‍රමයක් අධ්‍යයනය කර හඳුනාගෙන ක්‍රියාත්මක කළ යුතු බවය.
ගල්අඟුරු පරිහරණය සහ ගබඩා කිරීම, ඉන්ධන පරිහරණය සහ ගබඩා කිරීම, මුහුදු ජලය ලබාගැනීම, පිරිපහදු කිරීම. විදුලි ජනනය හා ඒ ආශ්රිත අනෙකුත් ක්‍රියාකාරකම්, සිසිලන පද්ධතිය, වායු දූෂණ පාලන පද්ධතිය. අළු එක්රැස් කිරීමේ හා ගබඩා කිරීම, මළ අපද්‍රව්‍ය බැහැර කිරීම මෙන්ම අදාළ අනෙකුත් ක්රියාකාරීත්වයන් ව්‍යාපෘතියේ ප්‍රධාන අංග ලෙස ඇගයීමට භාජනය විය. මෙහිදී පරිසර බලපෑම් වාර්තාව, කමිටු සාකච්ඡා හා නිර්දේශ, මහජන අදහස් මෙන්ම එම මහජන අදහස්වලට ව්‍යාපෘති යෝජක ලබාදුන් ප්‍රතිචාර සැලකිල්ලට ගනිමින් ඇගයීම් කටයුතු සිදුකෙරිණි.
අදාළ ආයතන 21 ක් හා විශේෂඥයන්ගෙන් සැදුම්ලත් තාක්ෂණික ඇගයීම් කමිටුවක් මගින් ඇගයීම් ක්‍රියාවලිය සිදුකරන ලදී.
සිසිලන පද්ධතියෙන් පිටවන උණුසුම් අපජලය බැහැරලීම මගින් ඇතිවන පාරිසරික බලපෑම, වායු ගෝලයට සිදුවන විමෝචන හේතුවෙන් වන වායු ගුණාත්මකභාවයේ සිදුවන වෙනස්කම් හා එහි බලපෑම්, ව්‍යාපෘතිය මගින් ජනනය වන අළු බැහැර කිරීම මගින් මතුපිට හා භූගත ජලයට වන බලපෑම් ආදී වශයෙන් පාරිසරික බලපෑම් හඳුනාගනු ලැබිණි.