මහාචාර්ය විශ්වා වර්ණපාල මහතාගෙන් හිස් වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අතර සීතල යුද්ධයක් ඇති වී තිබේ.
මොවුන් අතර සුසිල් ප්‍රේමජයන්ත්, එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, මහින්ද සමරසිංහ සහ අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් පෙරමුණේ සිටින බව වාර්තා වෙයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02දා) පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමුවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පසවයි.
සන්ධානයේ මහලේකම් ධුරයට අදාළව පසුගිය සතියේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සමග ජනාධිපතිවරයා සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තාවන අතර, අද දිනයේදී ඒ පිළිබඳවද සාකච්ඡා කිරීමට නියමිතය.
දැනට තරගයක් ඇතිවී තිබෙන කිහිප දෙනා අතර සිටින සුසිල් ප්‍රේමජයන්ත් මහතාට ඒකාබද්ධ විපක්ෂයේ සහාය ලැබෙනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතත් මෙම තනතුර පිළිබඳව අවසන් තීන්දුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගනු ඇත.
ඉන්දික හේවාවිතාරණ/ අමිත් මධුරංග