අයහපත් කාලගුණය නිසා මරණ සියය ඉක්මවයි
2015-05-25 01.00 PM
දින දහයක් පුරා පැවැති අයහපත් කාලගුණ තත්ත්වය නිසා මියගිය පුද්ගල ප්‍රමාණය 101 දක්වා ඉහළ ගොස් තිබේ. 100කට අධික පිරිසක් තවමත් අතුරුදන්ව සිටින අතර, විනාශයට පත් නිවාස සංඛ්‍යාව 4700 දක්වා ඉහළ ගොස් ඇත.
අවතැන් කඳවුරු 256 ක් තුළ පවුල් 25,827කට අයත් පුද්ගලයෝ 119,683 ක් රඳවා සිටිති. සිදුවී තිබෙන පුද්ගල මරණ 101 න් මරණ 66 ක් සිදුව තිබෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් වන අතර, අතුරුදන් පිරිස වාර්තා වන්නේද එම දිස්ත්‍රික්කයෙනි.
ඉන්දික හේවාවිතාරණ
අරණායක පස් යට තවත් සිරුරු 100ක්
2016-05-25 9.27 AM
අරණායක නායයෑමට ලක්වූ ප්‍රදේශයේ පස්වලට යට වී තවත් මළසිරුරු 100කට ආසන්න ප්‍රමාණයක් ඇතැයි අනුමාන කරන බව බටහිර ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා සඳහන් කළේය.
පස්වලට යට වී තිබී මේ වනවිට සිරුරු 27 ක් සහ ශරීර කොටස් 20 ක් සොයාගෙන තිබෙන බවද ඔහු පවසා සිටියේය. සොයාගත් මළසිරුරුවලින් 08 ක් හඳුනාගැනීමට නොහැකි බවත්, ශරීර කොටස් 20 ක් හඳුනාගැනීමට නොහැකි බවත් මේජර් ජෙනරාල්වරයා සඳහන් කළේය.
අතුරුදන් වූවන් සොයා සිදුකරන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවත්, ඊයේ (24දා) දිනය වනවිටත් යුද හමුදා සාමාජිකයන් 100 ක පමණ පිරිසක් අදාළ මෙහෙයුම්වල නිරතව සිටි බවත් ඒ මහතා කියා සිටියේය.
එහෙත් ඉදිරියේදී දිස්ත්‍රික් ලේකම්වරයා සහ ප්‍රදේශයේ පිරිස් සමග සාකච්ඡා කර මෙහෙයුම් නවතා දැමීම පිළිබඳව අවධානය යොමු වී තිබෙන බවත්, මෙහෙයුම් නවතා දැමුවහොත් සර්වාගමික චාරිත්‍ර සිදුකර අදාළ කටයුතු අවසන් කරන බවත් මේජර් ජනරාල්වරයා තවදුරටත් සඳහන් කළේය.
ඉන්දික හේවාවිතාරණ
හානි වූ දේපළ යළි නැංවීමට කෝටි 15,000-25,000ක් ඕනෑ
2016-05-24 08.54 A.M
ගංවතුර හා නායයෑම් හේතුවෙන් මෙතෙක් හානියට පත් දේපළවල වටිනාකම පිළිබඳව පූර්ණ තක්සේරුවක් සිදුකර නොමැති වුවද, රු. කෝටි
15,000 ත් 25,000 ත් අතර මුදලක් ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් වැය වෙතැයි අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.
එමෙන්ම, කොළඹට බලපෑ ප්‍රබල ගංවතුර තත්ත්වයට ප්‍රධාන හේතුව අනවසර ඉදි කිරීම් බවත්, කැලණි ගඟ දෙපස ඇති මෙම ඉදි කිරීම හේතුවෙන් මෙවැනි අවස්ථාවල සහන කටයුතු සිදුකිරීමට පවා බාධා මතුව ඇති බවත් මුදල් අමාත්‍යවරයා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ ඊයේ (23දා) මුදල් අමාත්‍යාංශයේ පැවැති කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"පීඩාවට පත් ජනතාවගේ දේපළ පිළිබඳ තක්සේරු කිරීම් කඩිනමින් සිදුකිරීමට කටයුතු කරනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ටද සිය ව්‍යාපාරික ස්ථාන වෙනුවෙන් වන්දි ලබාදීමක් කරනවා. ඒ සඳහා පසුගිය අයවැයෙන් හඳුන්වා දුන් ජාතික රක්ෂණ භාර අරමුදල මනා පිටිවහලක් වී තිබෙනවා. කෙසේ වෙතත්, මෙතෙක් හානියට පත් දේපළවල වටිනාකම් පූර්ණ තක්සේරුවක් සිදුකර නොමැති වුවත්, රු.කෝටි 15,000ත් 25,000ත් අතර මුදලක් ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් වැය වෙතැයි අපේක්ෂා කරනවා." යැයි පවසා සිටියේය.
ගංවතුර තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කය තුළ පවුල් 33,000කට අයත් පුද්ගලයන් 105,000ක් සිය නිවාසවලින් ඉවත් කිරීමට සහන කණ්ඩායම් කටයුතු කර තිබුණි. කොළඹ ගංවතුරින් වැඩිම බලපෑමක් එල්ල වූයේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වන අතර, එහි ජීවත් වූ පවුල් 20,000කට අයත් පුද්ගලයන් 80,000ක් පමණ ගංවතුරෙන් පීඩාවට පත්ව තිබුණි.
එමෙන්ම, ආපදා සහන සේවා කටයුතුවලදී දිවා රෑ නොබලා කටයුතු කළ ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ ඇතුළු සියලු රාජ්‍ය නිලධාරීන්ට ප්‍රසංශා කළ අමාත්‍යවරයා කියා සිටියේ සහනාධාර රැගෙන පැමිණි ඇතැම් කණ්ඩායම්වලට සහන කටයුතුවලදී බාධාවක් වූ බවයි.
මීට අමතරව, පීඩාවට පත් ජනතාව වෙනුවෙන් විදේශයන්ගෙන් ලැබෙන ආධාර කිසිඳු මැදිහත්කරුවෙකු නොමැතිව ජනතාව අතට පත්කිරීමට සූදානම් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එවැනි පාර්ශ්ව සිටී නම් ඔවුන්ව හෙළදරව් කිරීමේ වගකීම මාධ්‍ය සතු බවත්, එවැනි පාර්ශ්වයන්ට දියහැකි උපරිම දඩුවම ලබාදීමට කටයුතු කරන බවත් අවධාරණය කළේය.
මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නංගර, කොළඹ වැඩබලන පුරපති ටයිටස් පෙරේරා, කොළඹ උතුර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ යන මහත්වරු සහ කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරු සහභාගී වූහ.
අරණායකින් මළ සිරුරු 25 ක් සොයා ගනියි
2016-05-23 4.48 PM
අරණායක සාමසර කන්ද නාය යෑම නිසා අද (23දා) සවස 4.00 පමණ වනවිට මළ සිරුරු 25 ක් සොයා ගෙන තිබෙන බවත්, මීට අමතරව ශරීර කොටස් 18 ක් සොයා ගෙන තිබෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා සඳහන් කළේය.
අද දිනය තුළ ශරීර කොටස් 03 ක් සොයාගෙන තිබෙන බවත්, මියගිය වයස අවුරුදු 12 ක විතර වයසැති දරුවෙකුගේ මළ සිරුරක්ද සොයාගත් බවත්, සිදුකරන මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බවද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේය.
ඉන්දික ෙහ්වාවිතාරණ / ඡායාරූප සමන්විජය බණ්ඩාර
2016-05-23 3.53 PM (අලුත් ඡායාරූප)
නැතිවූ පොත්පත් හා නිල ඇඳුම් දෙයි
2016-05-23 3.04 AM
ආපදා තත්ත්වය නිසා පෙළ පොත් නිල ඇඳුම් අහිමි වූ දරුවන්ට ඒ සියල්ල රජය මගින් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
අදාළ ද්‍රව්‍ය හෙට (24දා) කොට්ඨාස කාර්යාල වෙත ලබාදෙන බවත්, කොට්ඨාස කාර්යාල මගින් ආපදාවන්ට ලක් වූ දරුවන් ඉගෙන ගන්නා පාසල්වල විදුහල්පතිවරුන්ට අදාළ ද්‍රව්‍ය ලබාගත හැකි බවත් අධ්‍යාපන ලේකම් ඩබ්.එම්. චන්ද්‍ර‘සේන මහතා සඳහන් කළේය.
ඉන්දික හේවාවිතාරණ
පාකිස්තානයෙන් උදව් එයි
2016-05-23 12.21 PM
අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත්වූ ජනතාවට සහන රැගෙන පාකිස්තානයේ සිට ගුවන් යානයක් අද (23දා) පෙරවරුවේදී දිවයිනට ළගා වීය.
අත්‍යාවශ්‍ය ආහාර, ඖෂධ වර්ග, පානීය ජලය හා බ්ලැන්කට් ඇතුළු විශාල භාණ්ඩ තොගයක් මෙහි වෙයි. ප.ව. 2.30ට කටුනායකදී පැවැත්වෙන උත්සවයකදී මෙම භාණ්ඩ තොගය ශ්‍රී ලංකාවට නිල වශයෙන් බාර දීමට නියමිතය.
(ටී.කේ.ජී. කපිල)
පීඩාවට පත්වූ පවුල් සංඛ්‍යාව පහළට
2016-05-23 10.11 AM
අයහපත් කාලගුණ තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් අඩුවීයාම නිසා පීඩාවට පත් පවුල් සංඛ්‍යාව 71,057 දක්වාත් අවතැන් පිරිස 41,460 දක්වාත් අඩුවී ගියත් මරණ සංඛ්‍යාව 92 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ හේතුවෙන් 29 දෙනෙකු තුවාල ලබා සිටින අතර අතුරුදන්වී සිටින සංඛාව 109කි. අද (23දා) උදෑසන 9.00 පමණ වනවිට අයහපත් කාලගුණ තත්ත්වය නිසා නිවාස 4,500 ක් විනාශයට පත්ව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
අවතැන් වී සිටින පවුල් 41,460 ක් ආරක්ෂිත කඳවරු 296 ක රඳවා සිටිති.
ආපදා කළමනාකරණයට ජනපති කාර්ය සාධන බළකායක්
2016-05-23 10.01 AM
අයහපත් කාලගුණයත් සමග මතුව ඇති ආපදා තත්ත්වයෙන් වූ හානි තව දුරටත් කළමනාකරණය කර ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියමයෙන් ජනාධිපති කාර්ය සාධන බළකායක් ස්ථාපිත කොට ඇත.
මෙම කාර්ය සාධන බළකාය ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් මහතාගේ මූලිකත්වයෙන් අදාළ සියලු අංශ ආවරණය වන පරිදි ස්ථාපිත කර ඇතැයි ජනපති මාධ්‍ය අංශය කියයි. එහි ප්‍රථම රැස්වීම ලබන අද (23දා) ප.ව 5.00 ට ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.
විනාශ වූ නිවාස නැවත ගොඩනැංවීම, විනාශ වූ කර්මාන්ත හා ජීවනෝපාය මාර්ග නැවත ගොඩනැංවීම, අවදානම් කලාප වල පදිංචි ජනයා ආරක්ෂිත ස්ථාන වල පදිංචි කරවීම මෙන්ම මතුවිය හැකි සෞඛ්‍ය ගැටලු කළමනාකරණය කර ගැනීම සඳහා පියවර ගැනීම මෙම කාර්ය සාධන බළකාය ස්ථාපිත කිරීමෙන් අපේක්ෂා කෙරේ.
අරණායකින් තවත් සිරුරු නවයක්
2016-05-22 06.30 PM
අරණායක සාමසර කන්ද නායයෑමෙන් අතුරුදන් වූ තවත් නවදෙනකුගේ සිරුරු යුද හමුදාව විසින් අද (22දා) සොයාගෙන තිබේ.
එමෙන්ම කඳු මුදුනේ ඉහළපෙදෙස්තුළ තවත් මළසිරුරු ඇතැයි සැකකරන අතර,අරණායක නැරඹීමට පැමිණෙන පිරිස් වැඩිවීම හේතුවෙන් මෙහෙයුම් කටයුතු සඳහා දැඩිලෙස බාධා ඇතිව තිබේ.
අරණායක මෙහෙයුම ඇරඹි දා සිට මේ දක්වා මළසිරුරු 33ක් පමණ හමුවී ඇති අතර, තවත් සියයකට වැඩි පිරිසකගේ තොරුරු ලැබී නැතැයිද හමුදාව පවසයි.
නායයෑම් අවදානම යළි දීර්ඝ කෙරේ
2016-05-22 06.00 PM
අධික වර්ෂා තත්ත්වය අඩුවී ගියද තවදුරටත් කඳු නාය යෑමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරයි.
මේ නිසා මහනුවර, රත්නපුර, නුවරඑළිය, කෑගල්ල, මාතලේ සහ කළුතර දිස්ත්‍රික්කවලට පනවා තිබෙන නායයෑමේ අවදානම හෙට (23දා) සවස දක්වා දීර්ඝ කළ බව එම ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ආසිරි කරුණාමුණි මහතා සඳහන් කළේය.
වර්ෂා තත්ත්වය අඩු වූ පමණින් අවදානම් සහිත කලාපවල නැවත පදිංචියට නොයන ලෙසත්, තමසංවිධානය විසින් කඳු පරීක්ෂා කර සහතිකයක් ලබාදීමට කටයුතු කරන බවත් හෙතෙම පවසා සිටියේය.
කොළඹ ගංවතුර තත්ත්වය පහළට (video)
2016-05-22 10.00 AM
අයහපත් කාලගුණය හේතුවෙන් කොළඹ දිස්ත්‍රිකකයේ ප්‍රදේශ රැසකට බලපා තිබූ ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
අද (22දා) උදෑසන 6 වනවිට නාගලගම්විදීය මාපකයේ ජල මට්ටම අඩි 6ක් ලෙස සටහන්ව තිබූ බවත්, ඒ අනුව කොළොන්නාව හා කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට බලපෑ ජල ගැලීම් තත්ත්වය ක්‍රමයෙන් පහව යාම ආරම්භ වී ඇති බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
කෙසේ වෙතත් රත්නපුර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය, මහනුවර , කළුතර හා බදුල්ල දිස්ත්‍රික්ක සඳහා නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් බලපැවැත්වෙනු ඇති බවද ආපදා කළමනාකරණ ඒකකය පැවසීය.
මේ අතර කැලණි ගඟේ ජල මට්මද ක්‍රමයෙන් පහළ බසින අතර ඒ ආශ්රිත ඇති වූ ගංවතුර මට්ටමද ක්‍රමයෙන් පහළ යන නමුදු ගංවතුර සම්පූර්ණයෙන්ම බැසගොස් නොමැති බැවින් පීඩාවට පත්ව සිටින ජනතාව තවමත් විවිධ ස්ථානවල රැඳී සිටිති.
අද(22දා) දිනයේ කැලණි ගඟ ආශ්රිත ගංවතුර මට්ටම දැක්වෙන වීඩියෝව පහතින්
VIDEO
මියගිය ගණන 82ක දක්වා ඉහළට
2016-05-22 9.00 AM
අයහපත් කාලගුණ තත්ත්වය නිසා පීඩාවට පත්ව සිටින ප්‍රමාණය අඩුවී ගියද සමස්ත මරණ සංඛ්‍යාව මේ වනවිට 82 ක් බවට පත්ව තිබේ.
පුද්ගලයන් 29 දෙනෙකු තුවාල ලබා 118 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටින අතර, විනාශයට පත්වූ නිවාස සංඛ්‍යාව 400 කි. පවුල් 57,590 කට අයත් පුද්ගලයන් 242,927 ක් ආරක්ෂිත නිවාස 398 ක රඳවා සිටියි.
කැළණි ගගේ ජල මට්ටම පහළට
2016-05-21 9.00 PM
ඉකුත් දිනවල පැවති අධික වර්ෂාවට හේතු වූ රෝනු සුළි කුණාටුව මේ වන විට බංග්ලාදේශය දෙසට ඇදී යමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙන අතර ඉදිරි පැය 24 තුළ සුළු වැසි ඇතිවිට හැකි බවඳ එම දෙපාර්තමේන්තුව පැවසීය.
කැළණි ගගේ ජල මට්ටම ද මේ වන විට ක්‍රමයෙන් පහළ යමින් පවතී.
ආපදා හේතුවෙන් මේවන විට සිදුව ඇති මරණ සංඛ්‍යාව 73 ක් දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම අතුරුදන්වු සංඛ්‍යාව 127 ක් වන අතර දිස්ත්‍රික්ක 22 කට බලපෑ අයහපත් කාලගුණයෙන් අවතැන් වී ඇති පිරිස තුන් ලක්ෂ 46 514 කි.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආරක්ෂිත ස්ථාන 497ක පුද්ගලයින් 278,528 දෙනෙකු තාවකාලිකව රඳවා ඇති බවද එහි නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය. මේඅතර අරණායක සාමසර කන්ද නාය යෑමෙන් අතුරුදන්වූවන් සොයා සිදුවන සෝදිසි මෙහෙයුම් සිව්වැනි දිනටත් ආරම්භ කර තිබේ.
මේ වන විට ප්‍රදේශයේ පවතින මද වර්ෂාව හේතුවෙන් සෝදිසි මෙහෙයුම් සඳහා බාධාවක් වී පවතී.
එමෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද මේවනවිට අරණායකට ගොස් සිටියි.
මියගිය පුද්ගලයින් 63ක් දක්වා ඉහළට
ආපදා තත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 63ක් දක්වා ඉහළගොස් ඇති අතර පුද්ගලයින් 132ක් අතුරුන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
පවුල් එක්ලක්ෂ තුන්දහස් හත්සිය හැත්තෑහයක, පුද්ගලයන් හාරලක්ෂ විසිපන්දහස් හයසිය එක්දෙනෙකු පීඩාවට ලක්ව ඇති අතර වාර්තා වී ඇති පූර්ණ නිවාස හානි සංඛ්‍යාව 354කි. නිවාස 3326කට අර්ධ හානි සිදුව ඇති බවද පැවසීය.
දන්සල් එපා - අසරණයන්ට පිහිට වෙන්න
2016/05/20 - 11:15 AM
වෙසක් සමයේ සිදුකරන සැරසිලි සහ දන්සල් සියල්ල නවත්වා එම සියලු මුදල් ගංවතුරින් විපතය පත් ජනතාව වෙත සහන ලබාදීමට යොදවන ලෙස මහා නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙම ආපදා සමයේ ආපදාවන්ට ලක්වුවන්ට පිහිටවීමෙන් වැඩි ආනිශංස ලබාගත හැකි බැවින් හුදු සැරසිලිවලට වඩා ඔවුන්ට පිහිට වීමට මුල්තැන ලබාදෙන ලෙස මහා සංඝරත්නය වැඩිදුරටත් බෞද්ධ ජනතාව ඇතුළු සියලුම රටවාසීන්ගෙන් ඉල්ලා සිටියි.
දින 05 ක මහ වැස්ස, නායයෑම්, තද සුළඟින්
මරණ 58 යි
අතුරුදන් 132 යි
පැය 72 ක් අවසන්
ජාතික ආපදා තත්ත්වයක්?
නිවාස 3,343 විනාශයි
කඳවුරු 694 ක පවුල් 61,382 ක පුද්ගලයන් 3,0673 ක් අවතැන්
තවත් ලක්ෂයකට වැඩි පිරිසක් පීඩාවට
කොළඹ ගංවතුර දරුණු වෙයි
ලක්ෂ ගණනකට පීඩා
කැලණි ගඟ ගැලීමෙන් ඇතැම් ස්ථානවල අඩි 10 කටත් වඩා ජලය
වසර 13කට පසු වැඩිම වර්ෂාව
2016/05/20 - 11:00 AM
වසර දහතුනකට පසු රටට ඇදහැළුණු වැඩිම වර්ෂාපතනය පසුගිය දිනවල ඇතිවූ බවත්,එම වර්ෂා තත්ත්වය නිසා එක් දිනක් තුළ මිලිමීටර් 300 ඉක්මවූ වර්ෂාපතනයක් රටට ලැබුණු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දැනට ලංකාවට ඇදහැ