වැලි ප්‍රවාහනය කිරීමට තම කාර්යාංශය ලබාදී තිබෙන්නේ බලපත්‍ර 10,000කට අධික ප්‍රමාණයක් වුවද ව්‍යාජ බලපත්‍ර 20,000කට වැඩි ප්‍රමාණයකින් වැලි ප්‍රවාහනය කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.
මෙම බලපත්‍ර 10,000කට අධික ප්‍රමාණයෙන් වසරකට වැලි කියුබ් ඝන මීටර් 07ක් ප්‍රවාහනය කළ හැකි බවත්, එහෙත් වසරකට ආසන්න වශයෙන් වැලි කියුබ් ඝන මීටර් 21කට වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කරන බවත් එම කාර්යාංශයේ සභාපති කිත්සිරි දිසානායක මහතා සඳහන් කළේය. මේ නිසා රජයට රුපියල් බිලියන දෙකකට අධික ප්‍රමාණයක් අහිමි වී යන බවත්, කාර්යාංශය බලපත්‍ර ලබාදීම මගින් රජයට රුපියල් මිලියන 850කට වැඩි රාජ්‍ය භාග මුදලක් උපයාදෙන බවත් ඔහු පවසා සිටියේය.
ඊයේ (26දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, නීතිවිරෝධී ආකාරයට වැලි, කළුගල්, පස්, බොරලු ප්‍රවාහනය කරන්නන් හා කැණීම් කරන්නන් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමග එක්ව විශේෂ වැටලීම් ඒකකයක් සකස් කළ බවයි.
මෙම ඒකකයේ මෙහෙයුම් කටයුතු සඳහා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 12 දෙනෙකු සිටින බවත්, ඔවුන්ට ලැබෙන තොරතුරුවලට අනුව රටපුරා පිහිටි පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරුවල නිලධාරීන් සමග එක්ව අදාළ වැටලීම සිදුකරන බවත් සභාපතිවරයා සඳහන් කළේය.
මෙම ජාවාරම් ක්‍රියා පිටුපස දේශපාලඥයන් සහ විවිධ බලවත් පිරිස් සිටින බවත්, චීන වරාය නගරයට වැලි ගැනීම සඳහා මෙතෙක් බලපත්‍ර නිකුත් කර නොමැති බවත් මෙහිදී මාධ්‍ය‘‘වේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සභාපතිවරයා පැවසීය.
වර්තමාන ආණ්ඩුව පත් වූ පසු සකස් කළ පරිසර ඇගයීම් වාර්තා සැලකිල්ලට ගෙන පරිසර හානි අවම වන ලෙසට මුහුදෙන් වැලි ලබාගැනීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරන බවද ඔහු පවසා සිටියේය.
අදාළ බලපත්‍රය මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය වෙත නිකුත් කරන බවත්, බලපත්‍ර ගාස්තු හා වැලි,ගල් ලබාගැනීමට අදාළ රාජ්‍ය භාගය එම අමාත්‍යාංශයෙන් ලබාගන්නා බවත් සභාපතිවරයා සඳහන් කළේය.
මීට අමතරව ව්‍යාපෘතිය ආරම්භ කළ පසු ලබාදී තිබෙන බලපත්‍රවල සඳහන් නීතිරීතිවලට අනුව කටයුතු කරනවාද යන්න සොයාබැලීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරියෙකු යොදවන බවද ඒ මහතා පවසා සිටියේය.
එමෙන්ම රටතුළ නීති විරෝධී ආකාරයේ වැල්, පස් කැණීමක් හෝ කළුගල් කැඩීමක් සිදුවනවානම් ඒ පිළිබඳ 0112862862 දුරකථන අංකයට දැනුම්දිය හැකි බවද හෙතෙම සඳහන් කළේය.