වැල්ලම්පිටිය, කටුපැලැල්ල විස්ස වත්තේදී පුද්ගලයන් තිදෙනෙකු වෙඩිතබා ඝාතනය කළ සිදුවීම පෞද්ගලික ආරවුලක් මත සිදුව ඇතැයි පොලීසිය සැකකරයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ වැල්ලම්පිටිය විස්සවත්ත පදිංචිව සිටි මොහොමඩ් රිස්මි (අවු.55) නමැති සිවුදරු පියෙකු, ජී.ඩී. ශාලිත (අවු.24) නමැති එක්දරු පියෙකු සහ තරිදු දිල්ශාන් (අවු.19) නමැති විවාහකයෙකි.
ඊයේ අළුයම මෙම වෙඩි තැබීම සිදුව ඇති බවටද, වෙඩි තැබූ පුද්ගලයන් ත්රිරෝද රථයකින් පැමිණි බවටද තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසයි.
වෙඩි තැබූ අය පළමුව ජී.ඩී. ශාලිත නමැත්තාගේ නිවසට ගොස් ඔහුට වෙඩි තබා පසුව ඒ අසල නිවසක සිටි දිල්ශාන් හා මොහොමඩ් නමැත්තාට වෙඩි තබා ඇති බව අනාවරණය වී ඇත. ජී.ඩී. ශාලිත නමැත්තා විවාහ වී සිට ඇත්තේ පාතාල නායකයෙකු වූ ප්රින්ස් කොලම්ගේ ඥාති දියණියක සමග බව පොලීසිය පවසයි.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල සිටි තිදෙනා අසල්වාසීන් විසින් රෝහලට රැගෙන ගොස් ඇතත් ඒ වනවිටත් ඔවුන් මියගොස් සිටි බව පැවසේ.
මෙම වෙඩි තැබීම පෞද්ගලික ආරවුලක් මත සිදුව ඇතැයි පොලීසිය සැකකරයි.
සිද්ධියට සම්බන්ධ කිසිවෙකුත් මේ වනතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, මියගිය අයගේ මළසිරුරු කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇත.
වැල්ලම්පිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
වැල්ලම්පිටිය ශාන්ත සෙනෙවිරත්න