ඉන්දියානු ජාතිකයන් ෙයාදාෙගන මෙරට තුළ සිදු වී ඇතැයි සඳහන් වකුගඩු බද්ධ කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව සොයා බැලීමට ජාත්‍යන්තර පොලීසියේ (ඉන්ටර්පෝල්) සහාය ලබාගැනීමට රජය තීරණය කර තිබෙන බව වාර්තා වේ.
වකුගඩු බද්ධ කිරීමේ ක්රියාවලිෙය්දී ජාවාරමක් සිදුවී අැතිදැයි සොයාබැලීමට පත් කළ පංච පුද්ගල කමිටු වාර්තාවට අනුව මෙම තීරණය ගෙන තිබෙන අතර, අදාළ පරීක්ෂණ කටයුතු සඳහා ජාත්‍යන්තර පොලීසියේ සහ ඉන්දීය පොලීසියේ සහාය ලබා ගැනීම සඳහා අවශ්‍ය රාජ්‍ය මැදිහත් වීම සිදු
කිරීමට ද තීරණය කර තිබේ.
අදාළ පරීක්ෂණ කටයුතු කඩිනම් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය පත් කළ පංච පුද්ගල කමිටු වාර්තාව මෙරට පොලීසියට බාරදීමට නියමිතය.
සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා ජනවාරි 24 වැනිදා පංච පුද්ගල කමිටුව පත්කළ අතර, එම කමිටු වාර්තාව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට පසුගිය 05 වැනිදා බාර දුන්නේය.
සෞඛ්‍ය අමාත්‍යවරයා මේ දිනවල විදේශ සංචාරයක නිරතව සිටින නිසා අමාත්‍යවරයා ලංකාවට පැමිණි පසු අදාළ වාර්තාවේ පිටපතක් පොලීසියට ලබාදීමට සැලසුම් කර ඇත.
මීට අමතරව ෙමම සිද්ධිය පිළිබඳව සොයා බලන ලෙසට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා වෙත සිදුකළ ලිඛිත පැමිණිල්ලට අනුව පොලිස් දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ කටයුතුද ඊයේ (07දා) ආරම්භ කර තිබේ.
ජනවාරි 24 වැනිදා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන අතර, එම පැමිණිල්ලට අනුව පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා විසින් ෙමම සිද්ධිය පිළිබඳව සොයාබලන ලෙසට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට නියෝග කර ඇත.
මෙම නියෝගයට අනුව අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට නියමිතව තිබූ බවත්, එහෙත් අධ්යක්ෂ ජනරාල්වරයා විදේශගතව සිටි නිසා ඊයේ (07දා) දිනයේදී අදාළ ප්‍රකාශය සටහන් කරගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
මේ අනුව පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාට යොමුකළ පැමිණිල්ලට අනුව ඉදිරි පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවද ඔහු පවසා සිටියේය.
පංච පුද්ගල කමිටුව ඉදිරිපත් කළ වාර්තාවට අනුව පසුගිය වසරේදී වකුගඩු සැත්කම් 800කට වැඩි ප්‍රමාණයක් සිදුව තිබෙන අතර, එහිදී පෞද්ගලික රෝහල්වල වකුගඩු සැත්කම් සිදුකිරීමේදී යම් යම් පුද්ගලයන් අනිසි ලෙස මැදිහත් වීම සිදුකර තිබෙන බවට හෙළි වී ඇතැයිද වාර්තා වේ.
මීට අමතරව පංච පුද්ගල කමිටු වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත ඉදිරි පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙන අතර, කමිටු වාර්තාවට අනුව පෞද්ගලික සෞඛ්‍ය සේවා පනතේ පවතින අඩුපාඩු මගහරවාගැනීමට පනතට අලුතින් සංශෝධන කිහිපයක් එක් කිරීමටද සැලසුම් කර තිබේ.