රජය ගන්නා තීරණ නිසි ආකාරයකින් ක්‍රියාත්මක නොකරන අමාත්යාංංශ ලේකම්වරුන් කිහිප දෙනෙකු සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් කිහිප දෙනෙකු ඉවත් කිරීමට රජයේ අවධානය යොමු වී ඇතැයි පැවසේ.
රජය විසින් මෑත කාලයේදී ගත් තීරණ කිහිපයක්ම නිසි ආකාරයකින් ක්‍රියාත්මක නොවීම නිසා ජනතාව අතර රජය කෙරෙහි කළකිරීම් ඇතිව ඇති බවත් මේ නිසා රජයේ තීන්දු තීරණ ඒ ආකාරයෙන් නිවැරදිව සහ ඉක්මනින් ක්‍රියාත්මක කරන අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් අවශ්‍යව ඇති බව ආණ්ඩු පක්ෂයේ අදහස වී තිබේ.
මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ දැඩි අවධානය යොමු වී ඇති බවද වාර්තා වේ. මෙතෙක් සිය අමාත්‍යාංශ හා රජයට සම්බන්ධ ආයතනවල ප්‍රගතිය සඳහා නිසි ලෙස සේවය ලබා නොදුන් අමාත්‍යංශ ලේකම්වරුන්ට සහ ආයතන ප්‍රධානීන්ට ඉදිරි සති තුන තුළදී බොහෝ විට තනතුරු අහිමි වීම් හෝ ස්ථාන මාරු ලැබීමට ඉඩ ඇති බවද වාර්තා වේ.