මේ මස 15,16 හා 17 යන තෙදින තුළ මැතිවරණ ප්රචාරක කටයුතු සිදුකිරීම සපුරා තහනම් බවත් අද හා හෙට (13 හා 14) මැතිවරණ ප්රචාරක කටයුතු කළ හැකි වන්නේ රාත්‍රී 10.00 වන තෙක් පමණක් බව මැතිවරණ කොමසාරිස් මහින්ද ෙද්ශප්‍රිය මහතා සඳහන් කරයි.
එමෙන්ම එම දින දෙකෙහි ගෙන් ගෙට යාමද රාත්‍රී 8.00 දක්වා පමණක් සිදු කළ යුතු බවද සඳහන් කරයි. රාත්‍රී 10.00 දක්වා මැතිවරණ ප්රචාරක කටයුතු කළ හැකිවෙන්නේ අදාළ රැස්වීම පැවැත්වෙන බල ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා විධිමත් අවසරයක් ලබාදී තිබුණහොත් පමණක් බවද මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
මීට අමතරව සංගීත සංදර්ශන සඳහා බලපත්‍ර ලබාගෙන එමගින් දේශපාලන ප්රචාරක කටයුතු සිදුකිරීම තහනම් බවත් එම ප්රයත්නයන් වැළැක්වීමට කටයුතු කරන ලෙසට පොලීසීයට උපදෙස් ලබාදුන් බවද ඔහු පවසා සිටියේය.
සංගීත සංදර්ශන පැවැත්වීමේදීත් අදාළ භූමියෙන් පිටතට ශබ්දය විකාශනයවීමට ඉඩලබා නොදිය යුතු බවත් මේ පිළිබද සොයා බලන ලෙසටත් පොලීසියට උපදෙස් ලබාදුන් බවද සඳහන් කළේය.
ගෙයින් ගෙට ගොස් සිදුකරන ප්රචාරක කටයුතු හා අත්පත්‍රිකා බෙදීම වැනි ප්රචාරක කටයුතු රාත්‍රී 8.00න් පසු සිදුනොකරන ලෙසත් අඳුර වැටීමෙන් පසු එය අත්හිටුවීම යෝග්‍ය බවද මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය.