ජනාධිපතිමෛත්රීපාල සිරිසේන මහතා එවන ලද ලිපිය ලද බව දන්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඡේද හතරකින් යුතු ලිපියක් ජනාධිපතිවරයාට යවා තිබේ.
පදනම් විරහිත විවේචන එකහෙළා ප්රතික්ෂේප කරන බවත්,2015 පෙබරවාරි මාසය වනවිට බහුතර පාක්ෂිකයන්ගේ හා ජනතාවගේ ඉල්ලීම, නැවත ක්රියාකාරී දේශපාලනයට පිවිසීමට තමා පෙළඹවූ බවත් පවසන මහින්ද රාජපක්ෂ මහතා මෙවර මහමැතිවරණයේදී ජනාධිපතිවරයා මහජන මතයට ගරු කරනු ඇතැයි අපේක්ෂා කරන බවද එහි සඳහන් කර තිබේ.