මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මාසයේදී පැවැත්වෙනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කීවේය.
පොලොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොලොන්නරුව දිස්ත්‍රික් සමුළුව අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියි.