පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 237 කින් සමන්විත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති අතර එය ගැසට් නිවේදනයක් මගින් අද (12දා) සවස ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. කැබිනට් අනුමැතිය ලබාදුන් අවසන් යෝජනාවට පාර්ලිමේන්තු ආසන 237 ක් ඇතුළත් වන අතර, ඉන් මන්ත්‍රීවරුන් 145 දෙනෙකු කොට්ඨාස ක්‍රමයට පත් කරගැනීමට එකඟතාව හිමිවූ බව වාර්තා වේ.
අද උදෑසන (12) ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වූ අමාත්‍ය මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි. පසුගියදා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීම සඳහා වන යෝජනාව මගින් සඳහන් කර තිබුණේ දැනට පවත්නා පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 225 වැඩි නොකිරීමටය.