මත්පැන් හල් බලපත්ර 45 ක් ඍජුවම පාර්ලිමේන්තුව නියෝජනය කරන හා කළ ප්රධාන පෙළේ දේශපාලඥයන් විසින් ලබාගෙන ඇතැයි ඔවුන්ගේ නම් ගම් සහිතවම හෙළිදරව් වී තිබේ.ඉන් බලපත්රවලින් 13 ක් කුරුණෑගල දිස්ත්රික්කයේ නියෝජනය කරන දේශපාලඥයන් කිහිපදෙනෙකු විසින් ලබාගෙන ඇති බවද හෙළිවී තිබේ.
මේ අතර 1994 වසරේ සිට මේ දක්වා මත්පැන් බලපත්ර 1098 ක් රජය විසින් ලබාදී ඇති බවට හෙළිදරව් වී ඇති අතර අදාළ බලපත්ර ලබා දීමේ දී බොහෝ විට දේශපාලන හිතවත්කම් මත අදාළ බලපත්ර ලබා දීම සිදු කර ඇති බවටද තොරතුරු වාර්තා වී තිබේ. ඒ අනුව සැබෑ ලෙසම මත්පැන් හල් 45ට වඩා බොහෝ වැඩි ගණනකට දේශපාලඥයන්ගේ සබඳතා පවතින බවටද තොරතුරු හෙළිවී තිබේ.
මත්පැන් හල් බලපත් ලබා ඇති දේශපාලඥයන් සම්බන්ධව ඊයේ (30දා) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ද අවධානය යොමුවී ඇති අතර අදාළ බලපත් හිමි දේශපාලඥයන්ගේ නාම ලේඛනයක් ද ජනාධිපති හා අගමැතිවරයා අතට ද පත්වී ඇති බවද වාර්තාවේ.