පළමු ජය හයිද්‍රාබාද් කණ්ඩායමට
ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ 10 වැනි අදියර ආරම්භ කරමින් හයිද්‍රාබාද්හිදී ඊයේ (05දා) රාත්‍රියේ පැවැති පළමු තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම පරාජය කර ලකුණු 35ක ජයක් ලැබීමට සත්කාරක පසුගිය වසරේ ශූරතාව දිනාගත් සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය.
සන්රයිසර්ස් කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 208ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස බැංගලෝර් කණ්ඩායමට සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 172ක් පමණි.
කණ්ඩායමට ජයග්‍රාහී බලාපොරොත්තු සහිත ආරම්භයක් ලබාදෙමින් ඉනිම ආරම්භ කළ ක්‍රිස් ගේල් හා මන්දීප් සිං පළමු කඩුල්ලට ලකුණු 52ක සබඳතාවක් ගොඩනැගීමට සමත්විය. කෙසේ නමුත් එම සබඳතාව තරගයේ 5.2 වැනි පන්දුවාරයේ බිඳවැටීමත් සමග බැංග්ලොර් කණ්ඩායමෙන් ජයග්‍රහණය ඈත්විය. බැංග්ලෝර් වෙනුවෙන් අලංකාර හයේ පහර තුනකින් ඉනිම හැසිරවූ ක්‍රිස් ගේල් ලකුණු 32ක් රැස්කිරීමට සමත්විය.
හයිද්‍රාබාද්හි රජිව් ගාන්දි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 04ක් පමණක් දැවී ලකුණු 207ක් රැස්කිරීමට සමත්විය.
පනස් දහසකට ආසන්න තම ප්‍රේක්ෂකයන් ඉදිරියේ හොඳින් පිත්ත හැසිර වූ යුවරාජ් සිං වේගයෙන් ගොඩනැගුණු සන්රයිසර්ස් ඉනිමේ කොඳුනාරටිය වූ අතර, ඔහු පන්දු 27කදී ලකුණු 62ක් රැස්කිරීමට සමත්විය. යුවරාජ්ගේ ඉනිමට හයේ පහර 03ක් හා හතරේ පහර 07ක් ඇතුළත් විය. ඔහුට අමතරව මොයිසස් හෙන්රික්ස් ලකුණු 52කින් දායක විය. තරගයේ වීරයා ලෙස යුවරාජ් සිං සම්මාන දිනාගත්තේය.
සන්රයිසර්ස් හයිද්‍රාබාද් 207/4 (පන්දුවාර 20)
යුවරාජ් සිං 62 (27, 4x7, 6x3), මොයිසස් හෙන්රික්ස් 52 (37, 4x3, 6x2), ශිකර් දවාන් 40 (31, 4x5), දීපක් හූදා නොදැවී 16 (12, 6x1), බෙන් කටින් නොදැවී 16 (6, 6x2), ටයමාල් මිල්ස් 1/31 (4), යුස්වේන්ද්‍ර චහාල් 1/22 (4)
බැංගලෝර් 172/10 (පන්දුවාර 19.4)
ක්‍රිස් ගේල් 32 (21, 4x2, 6x3), කෙදර් ජදාව් 31 (16, 4x4, 6x1), ට්‍රැවිස් හෙඩ් 30 (22, 4x3), මන්දීප් සිං 24 (16, 4x5), අශිෂ් නෙහරා 2/42 (4), භුවනේෂ්වර් කුමාර් 2/27 (4), රාශිද් ඛාන් 2/36 (4)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

