ඉන්දියාවේ ප්රධාන විරුද්ධ පක්ෂය වන කොංග්රස් පක්ෂ නායකත්වයෙන් රාහුල් ගාන්ධි ඉල්ලා අස්වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
පසුගියදා නිමාවට පත්වූ ඉන්දීය මහ මැතිවරණයේදී කොංග්රසය ලැබූ පරාජයේ වගකීම භාරගනිමින් තමන් මෙසේ පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් වෙයි.
ඔහු මීට පෙරත් තමා පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව කියා තිබුණත්, ඔහු සිත වෙනස් කරමින් තවදුරටත් එහි රැඳී සිටින ඇති බව බොහෝ දෙනා විශ්වාස කළහ.
රාහුල් ගාන්ධිගේ පියා, මිත්තණිය සහ මීමිත්තණිය යන සියල්ලෝම ඉන්දියාවේ හිටපු අග්රාමාත්යවරුන්ය.
එමෙන්ම, තම ලිපියෙන් වැඩිදුරටත් අදහස් දක්වන රාහුල් ගාන්ධි පවසන්නේ පාලක භාරතීය ජනතා පක්ෂය සම්බන්ධයෙන් තමන්ට කිසිදු වෛරයක් හෝ තරහක් නොමැති බවය.
පසුගිය මැතිවරණයෙන් මෝදිගේ නායකත්වයෙන් යුතු භාරතීය ජනතා පක්ෂය ඉන්දියාව තුළ දැවැන්ත ජයග්රහණයක් ලැබීය.
එම මැතිවරණය කරටකර මැතිවරණයක් වනු ඇති බවට විපක්ෂය සහ බොහෝ විචාරකයන් පවසා තිබූ අනාවැකි සියල්ල බොරු කරමින් එය සුනාමියක් බඳු ජයග්රහණයක් මෝදි පාර්ශ්වයට ලබාදී තිබුණි.