www.ada.lk
2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා
චාමර සම්පත්/ ඡායරූප - ඒශාන් ප්‍රනාන්දු
රක්ෂිත බන්ධගාරගත කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් අවනීතියට එරෙහි සත්‍ය ක්‍රියාව නමින් අද (23දා) සවස කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ බුදුපිළිමය අසලදී සත්‍යග්‍රහයක් පැවැත්විණි.
මේ සඳහා මහා සංඝරත්නය, සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ දේශපාලනඥයෝ සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ පිරිසක් මීට සහභාගි වූහ.
මර්දනය පිටුදැකීමට, අවනීතිය පිටුදැකීමට සියලු දෙනා එකතුවිය යුතු බව එහිදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. ප්රජාතන්ත්රවාදය විනාශ කිරීමට කිසිවෙකුට ඉඩනොදෙන බවත්, සියලුදෙනා එක්ව සිටියහොත් පහුසවෙන් මර්දනය වැළැක්විය හැකි බවත් හෙතෙම පැවසීය. එසේම පාඨලී චම්පික රණවක මහතාගේ නිදහස වෙනුවෙන් නීත්‍යනුකූලව සිදුකළ හැකි සියලු දේ සිදුකිරීමට තම පෙරමුණ කටයුතු කරන බවද මන්ත්‍රීවරයා පවසා සිටියේය.
මෙම සත්‍යක්‍රියාව සඳහා එක්වූ සියලු දෙනා පන්දම් දල්වමින් නිහඬ සත්‍යග්‍රහයක නිරත වූහ.
popular news
කිලෝ ග්‍රෑම් 802ක මැණික් ගලට මිලක් තියා මිලදි ගන්න අවස්ථාව
පාසල් සිසුවිය හප්පා මරා දැමූ රියදුරු ජපානයට පැන යයි
විජයදාස රාජපක්ෂ ගැන පොහොට්ටුව තීරණයක් ගනියි
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd