විල්පත්තු ඉඩම් දී ඇත්තේ 2013 - පරිසර නි ඇමති
විල්පත්තුපත්තු විලාත්තිකුලම් ප්‍රදේශයේ ඉඩම් කට්ටිකොට ලබා දී ඇත්තේ 2013 වසරේදී පැවති රජයෙන් බව පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා කියා සිටියේය.
විල්පත්තු රක්ෂිතයේ අවට ඇති පරිවාර රක්ෂිත ප්‍රදේශයන්හි නිරීක්ෂණ චාරිකාවක ඊයේ (24දා) නිරත වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
පරිවාර රක්ෂිත වූ මරච්චිකඩ්ඩි , කරඩික්කුලි, පාලෙයිකුලි, විලාත්තිකුලම් හා සිලාවතුර යන ප්‍රදේශයන්හි නිරික්ෂණය කිරීමට පරිසර රාජ්‍ය අමාත්‍යවරයා පියවර ගනු ලැබීය.
එහිදී විල්පත්තු වනසංරක්ෂණ නිලධාරීන් හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකින් අනතුරව මාධ්‍යට අදහස් දක්වමින් රජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා කියා සිටියේ,
‘‘මේ ඉඩම් එදා 2013 ඉඩම් බෙදලා ගස් කට්ටි කරලා දීපු ඉඩම් නමුත් අවුරුදු 5කට 6කට පසුව ඒ වැසියන් නැවත එන කොට මේ ප්‍රදේශවල ලඳු කැලෑවල් වෙලා අවුරුදු 5 ක් වයසැති ගසුත් මේ ඉඩම් වල තියනවා.
මේ ප්‍රදේශයේ කපපු පාරවල් තියනවා. විදුලි පද්ධතිය ඇදපු ඒවා තියනවා. කැලේ කපලා මායිම් ගහලා ලයිට් දීලා පදිංචි කරවලා තියෙන්නේ 2013 වසරෙදි කියල තමයි කියන්න තියෙන්නේ.”යනුවෙනි.





popular news
-
රජින්ද Monday, 25 March 2019 11:57 AM
මහා වනාන්තරවල එකකුට පර්චස් 20-25 කටත් වැඩ වැඩියෙන් ඉඩම් කට්ටි බෙදලා මේ රටේ පරිසරයට කරපු මේ ව්‍යසනයට සහය දීපු, අනුබල දීපු, ක්‍රියාත්මක කරපු සහ පදිංචි වුනු සියලුම දෙනා ගැන සොබාදහම බලාගනිත්වා...!!! මොවුන් සියලු දෙනා ධර්මතාවන් විනාශ කිරීමේ පවට වැටෙනු ඇති.. පටු දේශපාලන බල පෙරේතකම නිසා විද්‍යාත්මක ක්‍රමවේදයක් නැතිව සිදු කරන මෙවැනි නුගත් ක්‍රියාවන්ට මේ පවිටුවන් ඉතා ඉක්මනින් වන්දි ගෙවනු ඇත.
Reply : 0 2
Champa Monday, 25 March 2019 01:19 PM
කවුරු කලත් විල්පත්තුව වනසපු එක වැරදියි. Aerial photos වලින් පේන විදිහට මහා වන සංහාරයක් කරලා තියෙනව. මේ කපපු වනන්තරේ මිනිස්සු පදිංචි කරන එක වැරදියි. එහින්ද ඒ මිනිස්සුන්ට වෙන තැන් දීල, මේ එලි කරපු වනන්තරේ නැවත ගස් හිටු වන්න ඕනේ.
Reply : 0 101
ranjith Wednesday, 27 March 2019 11:22 AM
මේ වනවිටත් පරිසර විනාසේ බලපීම දෙනෙනවා අදික රස්නය නිසා අ නිසා එක එක්කෙනාට බෝල පස්ස කරලා පරිසර විනාස කරන කාලකන්නි දෙසපලන්චය්න්ට වැසි ලබා දෙන්නේ නෙතුව මොන මිනිහ දුන්නත් වෙරදී නිසා ඒවා අත්හිටුවන්න බෙරිද මේ අවස්ථාවාදී දෙසපලුවෝ කොඉ ආණ්ඩුව අවත එකට රිංගල මේ විනාස දිගටම කරගෙන යනවා
Reply : 0 0
ranjith Wednesday, 27 March 2019 11:25 AM
වෙනරටවල වනාන්තර වෙදිකරන්න පිළිවෙලක් නේ ලෝකයේ වනාන්තර වෙදිවීම කොකවසි කටත් ප්‍රයෝජනවත් අ නිසා අ රටවල් වනාන්තර වෙදිකරන රටවල් වලට මුදල් දෙනවා අ වාසියවත් ගන්නේ නෙතුව අපේ මෝඩයෝ තියෙන වනාන්තරෙත් විනාස කරනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

