විපක්ෂනායක මහින්ද කොළඹ පාසල්වලට යයි
තම තමන්ගේ මැතිවරණ කොට්ඨාසවල පිහිටි පාසල් වලට ගොස් අද (21දා) දිනයේදී පාසල් වල ආරක්ෂක තත්ත්වයන් සොයා බලා පාසල් වලට ළමුන් පැමිණීම සඳහා දිරිගැවීමට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා පළාත් පාලන නියෝජිතයින්ට කටයුතු කරන ලෙස ගරු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාද පුද්ගලිකවම මැදිහත් වෙමින් අද පෙරවරුවේ කොළඹ හා ඒ අවට පිහිටි තර්ස්ටන්, රාජකීය, විශාකා, හින්දු විද්‍යාලය, ආනන්ද, නාලන්ද, ගෝතමී යන පාසල්වලට ගොස් පාසල් ළමුන්, දෙමාපියන්, ගුරුවරුන් හා විදුහල්පතිවරුන් හා ආරක්ෂක නිලධාරීන් සමඟ අදහස් හුවමාරු කර ගනිමින් පාසල් හා ඒ අවට ආරක්ෂක තත්වයන් සොයා බැලීමට කටයුතු කළේය.
මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, කනක හේරත්, විපක්ෂ නායක ලේකම් හර්ෂ විජේවර්ධන යන මහත්වරුන්ද එක්වූහ.







popular news
-
Koralage Tuesday, 21 May 2019 12:39 PM
අප නවත්තන්න ඕන මේවගේ බොරු සේප්පද විජ්ජ තමා . කොළඹ ලොකු ඉස්කෝල වලට ගිහින් බොරුවට ශෝ එක දමල මිනිස්සු රවට්ටන්න හදනවා. අර දරුවන්ට කියල වන්දවගන්න එක සැපද? යකෝ ලංකාවේ පාසල් තියෙන්නේ මෙච්චරද? ළඟ ඉන්න කට්ටිය ගිය පාරත් ඔබව නං නත්තාර කළා මේ පාරත් එක පටන් අරන් වගේ
Reply : 3 89
Priyantha Tuesday, 21 May 2019 12:41 PM
මේ වගේ හොරු ස්ත්‍රී දූශකයෝ මංකොල්ලකාරයෝ ඉස්කෝල වටේ කැරකෙන එක අන්තවාදීන් කැරකෙනවට වඩා අති භයානකයි.
Reply : 4 63
Batangala Tuesday, 21 May 2019 12:45 PM
මේවට කියන්නේ ලොන්ත ෂෝ කියල. තමන්ටත් අනුන්ටත් වැඩ නැති නිකමුන් ටිකක් පිරිවර කරගෙන තමාගේම ආත්මය ගරුත්වය දියකර ගැනීමක්
Reply : 4 26
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

