Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2021 අප්‍රේල් මස 17 වන සෙනසුරාදා
2021 අප්‍රේල් මස 17 වන සෙනසුරාදා
වන රෝපා ජාතික රුක්රෝපණ වැඩසටහනට සමගාමීව පැල සිටුවීමේ සහ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් නාවික හමුදාව විසින් අද (26දා) දකුණු නාවික විධානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී.
ඒ අනුව, දකුණු නාවික විධානය විසින් වෙරළට ආවේණික වු පැළ සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි. මෙහිදී පිටිවැල්ල සිට වැල්ලබඩ වෙරළ තීරය ආශ්‍රිතව මුහුදු වෙරළටම ආවේණික ශාඛයක් වන මූදිල්ලා පැල 50 ක් ද, ශ්‍රී ලංකා නාවික නෞකා ‘නිපුණ’ ආයතන පරිශ්‍රය තුළ නැදුන්, මහෝගනි, කුඹුක්, මී, දොඔ මෙන්ම පළතුරු සහ පොල් පැල විශාල ප්‍රමාණයක් ද රෝපණය කිරීමට කටයුතු කරන ලදී.
මිට අමතරව ගාල්ල ගිංතොට, බුස්ස, මහමෝදර, තංගල්ල පරවි වැල්ල යන වෙරළ තීරයන් පිරිසිදු කිරිමේ වැඩසටහනක් ද දකුණු නාවික විධානය විසින් සංවිධානය කර තිබූ අතර, මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි ලෙස විනාශයට ලක්ව තිබූ වෙරළ තීරයන් අපද්‍රව්‍ය වලින් තොර වෙරළ තීරයන් බවට පත් කිරීමට එමඟින් අවස්ථාව උදාවිය. එමෙන්ම බටහිර නාවික විධානය ද වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් කොළඹ, ගාලු මුවදොර වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කර තිබුණි.
තවද, දිවයින වටා වූ සුන්දර වෙරළ තීරය සුරැකීම හා වන සම්පත ආරක්ෂා කිරීම සඳහා නාවික හමුදාව නිරන්තර කැපවීමෙන් කටයුතු කරනු ලබන අතර, එමඟින් වෙරළ හා වෙරළ ආශ්රිත පරිසර පද්ධතිය මතුපරපුර වෙනුවෙන් සුරක්ෂිත කර දීමට නාවික හමුදාවට හැකියාව ලැබෙනු ඇත.
popular news
Champa Sunday, 27 October 2019 07:24 AM
ඉතාම හොඳ වැඩක්. ඉතාම අගය කල යුතු සද් ක්‍රියාවක්. පිරිසිදු කරපු වෙරලෙයි අපිරිසිදු වෙරලෙයි වෙනස කොච්චරක්ද කියල පේනවා නේද?. පරිසරය සතා සීපාවා ගස්වැල් තමයි මගේ ප්‍රියතම මාතෘකා. මේ එක්කම අපේ මිනිස්සු හදා ගන්න එකත් කරන්න ඕනේ. වෙරළ හැමදාම නාවුක හමුදාවට පිරිසිදු ක කර ඉන්න බැහැ. වෙරළ පාවිච්චි කරන සියලු දෙනාම මේ පරිසරයේ කොටස්කාරයෝ. පරිසරය ඇත්තටම විෂයක් විදිහට පොඩිම පන්තියේ ඉඳන් උගන්වන්න ඕනේ. පොඩි කාලෙදිම පරිසරය රැක ගැනීම තමන්ගේ යුතුකමක් කියල දරුවන්ගේ ඔළුවට දාන්න ඕනේ. පරිසරයට ගස්වැල් වලට සතා සීපාවට ආදරේ කරන්න පොඩි කාලෙදිම ඉස්කෝලවල උගන්වන්න ඕනේ.
Reply : 0 29
simiyon Saturday, 02 November 2019 12:43 PM
වෙරළ පාවිච්චි කරන සියලු දෙනාම මේ පරිසරයේ කොටස්කාරයෝ......ඒක නම් හරියටම හරි අපි ඒ දවස්වල හැමදාම උදේ පාන්දරට වෙරළට යනවා පැල හිටවන්න නම් බැරි උනා පොහොර නම් සැපයුවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd