රන්ජන්ට එරෙහිව පවතින විමර්ශන ආරම්භ කිරිමට පොලීසියට දින දෙකක් දෙනවා
භික්ෂූන් වහන්සේලාට අපහාස කර ඇති නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කිරීම සඳහා පොලීසියට දින දෙකක් ලබාදෙන බව රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ අද (17) පැවසූහ.
රන්ජන් රාමනායක මහතා සම්බන්ධව පොලීසිය ගනු ලබන ක්‍රියාමාර්ග දැන ගැනීම සඳහා භික්ෂූන් වහන්සේලා පිරිසක් පොලිස් මූලස්ථානයට පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මේ බව කියා සිටියහ.
දින දෙකක් ඇතුළත විමර්ශනයක් ආරම්භ නොවුණහොත් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට,රන්ජන් රාමනායක මහතාගේ මාදිවෙල නිල නිවසට හා පොලිස් මූලස්ථානයට පැමිණ උද්ඝෝෂණ කරන බවද සද්ධාතිස්ස හිමියෝ සඳහන් කළහ.
“මෙම පුද්ගලයා හාමුදුරුවරුන්ට දිගින් දිගටම ගහන්න ගියොත් සංඝ සමාජය ඉවර වෙනවා. එතකොට මේ සංඝ සමාජයට ළමයි දෙන්න දෙමවුපියෝ අකමැති වෙනවා.එතකොට සංඝ සමාජයට භාරදුන් ළමයි දිහා බලන්නේ වපර ඇහින්.අපිට නායක හාමුදුරුවරුන්ගේ මූණ බලන්න බැරි වෙනවා. මේ පුද්ගලයා මේ කරන්නේ ශාසනයට ගහන එක. මේච්චර ගහද්දිත් පොලිස් නිලධාරින් බෞද්ධයෝ වෙලත් බලා ඉන්නේ ඇයි? ඇයි මෙහෙම කල් මරන්නේ. සතිගණන් ගන්නැතිව දවස් දෙකෙන් මේක කරන්න ඕන“යනුවෙන් උන්වහන්සේ පවසා සිටියහ.
සිහල රාවය සංවිධානයේ මහලේකම් මාගල්කන්දේ සුදත්ත හිමි, සිංහලේ ජාතික සංවිධානයේ මහලේකම් මැඩිල්ලේ ප්රඤ්ඤාලෝක හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් පොලිස් මූලස්ථානය ඉදිරිපිටට වැඩම කර සිටියහ.
මෙම අවස්ථාවට පැමිණි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ රන්ජන් රාමනායක මහතාට විරුද්ධව ලැබී ඇති පැමිණිලි සම්බන්ධව අනිවාර්යයෙන්ම විමර්ශනයක් සිදු කරන බවයි.
ඡායාරූප- ඉසුරු පෙරේරා







popular news
-
Dayan Thursday, 18 July 2019 02:50 PM
අපේ පන්සලේ හාමුදුරුවන් වහන්සේලා නම් බොහොම කරුණාවෙන් සපිරිය්. කාටවත් තදින් කතා කරන්නේ නැහැ. දායකයන් ධර්මයේ පිහිටවනවා. මේ හාමුදුරුවරු නම් එහෙම නෑනේ.
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

