මුදුණ යන්ත්‍රය කපා සේවකයාගේ අත බේරාගත් ව්‍යාපාරිකයා අවධානමක
අම්පාර මුද්‍රණ ආයතනයක ( Tharindu Offset Printers) ආයතනය පසුගිය කාලයේදී බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් ආයතනයක් විය. ඒ එම ආයතනයේ කෝටි ගණනක් වටිනා මුද්‍රණය යන්ත්‍රයක් කපා එම යන්ත්‍රයට හසුවූ සිය සේවකයාගේ අත බේරා ගැනීමට එම ආයතනයේ හිමිකරු මෙත්තානන්ද රූබසිංහ මහතා කටයුතු කළ හෙයිනි.
කෙසේ වෙතත් ඒ සඳහා වන්දි ප්‍රධානය කිරීමට රක්ෂණ සමාගම එකඟ වී නොමැත. මේ හේතුවෙන් ඔහු බරපතල ඛේදවාචකයට ලක්ව ඇති බව ප්රවිණ ශිල්පි ඉන්ද්‍රනාත තේනුවර මහතා සිය ෆේස් බුක් ගිණුමට එක්කළ සටහනකින් කියයි.
ඔහු සිය සේවකයාගේ අත බේර ගැනීමට කටයුතු කළ ආකාරය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්විය. ඒ වෙනුවෙන් ඔහුට සම්මාන පවා හිමිවිය.
- වැඩිතොරතුරු හා ඡායාරූප ඉන්ද්‍රනාත තේනුවර මහතාගේ ෆේස්බුක් ගිණුම ඇසුරෙනි







popular news
-
sarath Wednesday, 20 March 2019 09:45 AM
රක්ෂණ සමාගම කුමක්ද ???
Reply : 11 69
rocky Wednesday, 20 March 2019 06:29 PM
ජනාධිපතිතුමෝ, නරක ද මේ ගැන සොයා බැලුවොත්? ඇත්ත වශයේ මේ ගැන මැදිහත් වී ඔහුට සහනයක් සලසා දීම සුදුසුයි නේද? ත්‍රිපිටකය ලෝක උරුමයක් කළා වගේ ලේසියෙන් කරන්න නම් බැරි වේවි. ඒත් උත්සාහ කලොත් හොඳයි!
Reply : 0 29
chamika Thursday, 21 March 2019 12:31 AM
ඔව් රක්ෂණ සමාගම කුමක්ද?
Reply : 0 8
Kumar Thursday, 21 March 2019 03:35 AM
එතකොට කුඩුවුන අතටත් ගෙවන්නේ නැද්ද.මේ රක්ෂණ සමාගමේ නම ප්‍රසිද්ධ කලොත් අනාගතයේ අන්යට මේ ආකාරයේ ප්‍රශ්නවලින් ආරක්ෂා විය හැක.
Reply : 0 41
Champa Thursday, 21 March 2019 05:36 PM
මොකක්ද මේ රක්ෂණ සමාගම? හරිම හොර සමාගමක්. ඒ මොකොද කර්මාන්ත ආයතනයක් රක්ෂණය කරන කොට වටිනාකම තීරණය කරනවා. ඒ තීරණය කරන වටිනාකමට යන්ත්‍ර සූත්‍ර ඇතුළු සියලු දේවල වටිනාකම අඩංගුයි. මුද්‍රණ යන්ත්‍ර රක්ෂණයට අඩංගු නැත්නම් මොන මඟුල් ගෙදරකටද රක්ෂණයක් ගන්නේ? මැෂින් නෙමෙයි නම් මොනවාද රක්ෂණය කරලා තියෙන්නේ? එහෙම කරන්න බැහැ. මේ රක්ෂණ සමාගම මෙතන විශාල වංචාවක් කරලා තියෙනව. දැන් අර සේවකයාට වන්දියක් ගෙව්වද? කියන්න නඩු දානව කියල. නඩුව දිනනවා. රක්ෂණ මුදලට වඩා වැඩි වන්දියක් ගෙවන්න වෙයි රක්ෂණ සමාගමට.
Reply : 0 15
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

