මැදවච්චියේ සිට කොළඹට එන රණවිරු පාගමන
යුද හමුදා සංග්රාමික බලසේනාව ආරම්භ කොට වසර 25ක් පිරීම හා ත්රස්තවාදය අවසන් කොට වසර 10ක් පිරීම නිමිත්තෙන් රණවිරු පාගමනක් අද (29) උදෑසන යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්රධානත්වයෙන් මැදවච්චියෙන් ආරම්භ කෙරුණි.
මැදවච්චිය පැරණි සෝදිසි මුරපොළ ඉදිරිපිටින් ආරම්භ කෙරුණු රණවිරු පාගමන යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ කෙරුණු අතර රණකාමීන්ගේ පාගමන ආරම්භක උත්සවයේ පූර්ණ සංවිධාන කටයුතු සිදු කළ වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතාද සහභාගී විය.
මැදවච්චියෙන් ආරම්භ වූ රණවිරු පාගමන ජුනි මස 08 වන දින කොළඹ නිදහස් චතුරශ්රය අසලින් අවසන් කිරිමට නියමිතව ඇත.
මෙම පාගමන සඳහා ගුවන් සංග්රාමික බළසේනාවට අයත් නිලධාරින් 31 සහ සෙසුනිලයන් 600ක් පමණ සහභාගීවූ අතර, මැදවච්චිය, අනුරාධපුර ,තිරප්පනේ, මරදන්කඩවල, හඹරණ, දඹුල්ල, නාවුල, මාතලේ, අකුරණ, කටුගස්තොට, මහනුවර, පේරාදෙණිය, කඩුගන්නාව, මාවනැල්ල, කෑගල්ල, වරකාපොළ, නිට්ටඹුව, යක්කල, කඩවත, කිරිබත්ගොඩ, කැළණිය, ග්රෑන්ඩ්පාස්, කුරුදුවත්ත, දෙමටගොඩ සහ බොරැල්ල යන නගරයන් හරහා ගමන් කිරිමට සංවිධානය කොට ඇත.
රණවිරු පාගමන වෙනුවෙන් යුද හමුදා පූර්ණ ආරක්ෂාවක් මැදවච්චිය සිට කොළඹ දක්වාම සැපයීමට පියවර ගෙන ඇත.






popular news
-
Champa Thursday, 30 May 2019 10:28 AM
ෂා, මේක නම් බොහොම හොඳයි. ඇසට ප්රිය දර්ශනයක්! මිනිස්සු හුගක් කැමති වෙයි හමුදාව පාරේ දකින්න. වහල් ආණ්ඩුවේ පාස්කු බෝම්බෙන් පස්සේ ශ්රී ලංකා හමුදාව රට නැවත යථා තත්වෙට ගන්න කරපු විශිෂ්ඨ සේවයට කෘතවේදීත්වය පල කරන්න "රණවිරු පා ගමන" බලන්න මිනිස්සු මහපාරට එන්න ඕනේ. අනික 2019ට ත්රස්තවාදය පරාද කරලා අවුරුදු 10ක්. හමුදාව වෙනුවෙන් අපිට කරන්න පුළුවන් මේ "රණවිරු පා ගමනේදී" හමුදාව තමන්ගේ නගරේ පහුකරලා යනකොට අත් පොඩියක් ගහන එක. අනිත් පැත්තෙන් මට හිතෙන විදිහට හමුදාපතිතුමා රටට පණිවිඩයක් දෙන්න හදනවා. එකක් නෙමේ දෙකක්. එකක් තමයි හමුදාව ජනතාව වෙනුවෙන් ජනතාව එක්ක ඉන්නවා කියන එක. අනික තමයි රටේ දැන් ආරක්ෂාව තියෙනව. බය වෙන්න දෙයක් නැහැ කියන එක. තියෙන්නේ වහල් පරගැති ආණ්ඩුවක් වුනත්, හැම මිනිහටම ඕනේ සාමකාමී පරිසරයක්. අනිත් අතින් ජාතිවාදී ගැටුම් ඇති වෙනවට සිංහලයොත් කැමති නැහැ. ප්රචණ්ඩත්වය කියන වචනේ ඇහෙනකොටත් අත පය සීතල වෙනවා. ඒ වගේ වෙලාවක හමුදාව පාගමනක් කරන එක කොච්චර හොඳද. දේශපාලකයන්ට තිබ්බ limelight එක දැන් තියෙන්නේ හමුදාවට. ඔබේ "රණවිරු පා ගමන" ඉතාම සාර්ථක වෙන්න කියලා ප්රාර්ථනා කරනවා, හමුදාපතිතුමා!
Reply : 0 16
Champa Thursday, 30 May 2019 07:24 PM
Oooops, මේ පාගමනේ නම "රණවිරු පාගමන" නෙමෙයි "රණකාමීන්ගේ පාගමන." The Walk of Warriors! දළදා සමිඳු පිහිටයි අපේ ආදරණීය යුධ හමුදාවට සහ හමුදාපතිතුමාට. මේ පාගමනේ schedule එක දැම්ම නම් හොඳයි නේද හමුදාපතිතුමා? එතකොට මිනිස්සුන්ට වේලාසනම දන්නවානේ දිනය, වෙලාව සහ එන නගරය. සිංහලයනි, අපේ හමුදාව පිළිගන්න සිංහ කොඩියක් අරන් පාරට එන්න.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

