මැකෝ සීයේ අපිට 18යි ඡන්දය කෝ?
වයස අවුරුදු 18ට වැඩි තරුණයන්ගේ ඡන්ද අයිතිය තහවුරු කරන ලෙස ඉල්ලමින් තරුණ ප්රජාව විසින් මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට අද (12දා) උද්ඝෝෂණයක නිරතවිය.
දිස්ත්රික්ක 15ක් නියෝජනය කරන තරුණ තරුණියන්ගේ එකතුවක් වන ප්රජාතන්ත්රවාදය උදෙසා තරුණයෝ එකමුතුව සංවිධානය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කළේය.
මේ වසරේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය 2018 ඡන්ද හිමි නාමලේඛන අනුව පැවැත්වීමට තීරණය කර ඇති බැවින් වයස අවුරුදු 18 සම්පූර්ණ කළ තරුණ තරුණියන් ලක්ෂ තුනකට අධික ප්රමාණයකට සිය පළමු ඡන්දය දැමීමේ අවස්ථාව අහිමි වී යාමට නියමිතය.
මේ හේතුවෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ 2019 ඡන්ද හිමි නාමලේඛනයට අනුව පවත්වන ලෙස මෙම පිරිස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්රිය මහතාගෙන් ඉල්ලා සිටියේය.


popular news
-
saman Monday, 12 August 2019 02:41 PM
මේ අයව ලස්සනට අන්දවා ඇති බවක් පෙනෙන්නට තියෙනවා. පොහොට්ටුවේ මහා සමුළුවත් සමග මෙය එළිදක්වා තිබීම හොඳින් පැහැදිලියි
Reply : 0 0
Kumar Monday, 12 August 2019 10:02 PM
මම දන්නා විදියටනම් California වෙ චන්දෙ පවත්වන දවස දක්වා චන්දදායකයි ලේකනයට ඇතුලත් කරනවා. පරිගණක යුගයේ ඉල්ලුම් කරන කෙනා සුදුසුකම් පෙන්වනවා නම් ලේකනයට ඇතුලත් කිරීම එතරම් අමරුදෙයක්ද. ලංකාවේ කතාව දෝලාවෙන්නෙ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

