කාම්බෝජ - ලංකා ගුවන් සේවා ඇරඹීමට අවධානය
කාම්බෝජය හා ශ්රී ලංකාව අතර සෘජු ගුවන් සේවා ඇරඹීමට දෙරටේ නායකයන් අතර අවධානය යොමුව තිබේ.
කාම්බෝජයේ රාජ්ය සංචාරයක නිරත ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හා කාම්බෝජයේ අග්රාමාත්ය හුන් සෙන් මහතා අතර පැවැති සාකච්ඡාවේදී මේ පිළිබඳව අවධානය යොමුකර තිබේ.ඊයේ (08දා) පස්වරුවේ මෙම හමුව සිදුවිය.
අතීතයේ සිටම ඉහළ මට්ටමෙන් පැවති දෙරට අතර ආගමික හා සංස්කෘතික සබැඳියාව මෙහිදී සිහිපත් කළ අග්රාමාත්යවරයා එම ඓතිහාසික සබැඳියාව පදනම් කරගනිමින් දෙරට අතර සංචාරක සහ වෙළෙඳ කටයුතු ඉහළ නංවා ගැනීම පිළිබඳව ද සාකච්ඡුා කළහ.
දෙරට අතර සෘජු ගුවන් සේවා ඇතිකරගැනීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයට ලක්වූ අතර ඉදිරියේ දී සිවිල් ගුවන් සේවා පිළිබඳ ගිවිසුමක් අත්සන් කිරීම පිළිබඳව ද සාකච්ඡුා කළහ.
දෙරට අතර දීර්ඝ කාලයක සිට ද්විපාර්ශවික සබදතා පැවතිය ද දෙරටේම තානාපති කාර්යාල ස්ථාපිත කර නොමැති අතර ඒ සඳහා කඩිනමින් කටයුතු කිරීමට ද සාකච්ඡා විය.
නායකයන් අතර හමුවෙන් පසුව ශ්රී ලංකාව සහ කාම්බෝජය අතර නව අවබෝධතා ගිවිසුම් දෙකකට ද අත්සන් තැබිණි.






popular news
-
kapila Saturday, 10 August 2019 08:00 PM
ජනාධිපතිතුමා කාම්බෝජ ගියා කියල ඍජු ගුවන් ගමන් පටන්ගන්න බෑ. ඒකට ආර්ථික ශාඛ්යතාවයක් තියෙන්න ඕන. මේක හරියට ස්වාසිලන්තේ ලංකා බැංකු ශාකාවක් අරිය වගේ වෙයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

