අලුත් අවුරුදු නැකැත් සිට්ටුව ජනපතිට පිළිගන්වයි
සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සම්ප්‍රදායික චාරිත්‍රානුකූලව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම අද (02) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු විය.
චිරාගත පිළිවෙත් අනුව නැකැත් සීට්ටුව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම සිදු කෙරිණි.
අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම, ගිනි දැල්වීම හා ආහාර අනුභවය, නව වසරේ රැකියා සඳහා පිටත්ව යෑම ආදි කරුණු නැකැත් සීට්ටුවට ඇතුළත් වේ.
ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස, අමාත්‍යාංශයේ ලේකම් බර්නාඞ් වසන්ත, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනුෂා ගෝකුල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


popular news
-
mahajanayaa Tuesday, 02 April 2019 03:56 PM
සබ්බ පාපස්ස අකරණං...
Reply : 0 0
korala Tuesday, 02 April 2019 04:30 PM
ara "nakath patha" neda?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

