saravita-anim2

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

Technology - timelapse 9108 hours ago

LATEST

සඳ මත පවා ඡායාරූප ගැනීම සඳහා Nikon Coolpix P1000

calendar_today 2018 අගෝ 09 - 10:03 remove_red_eye - 979  

ඡායාරූප ශිල්පය සම්බන්ධයෙන් වෘත්තිමය උනන්දුවක් දක්වන්නවුන් සෑමවිටම යොමුවන්නේ අවශ්‍ය පරිදි ලෙන්සයන් මාරු කිරීමට හැකි DSLR හෝ එවැනි කැමරාවක් වෙත වේ. එනමුත් සාමාන්‍යයෙන් ඡායාරූප ශිල්පය පිළිබඳ ඇල්මක් දක්වන ආධුනිකයෙකු නැතිනම් තමන්ගේ විනෝද චාරිකාවකදී ඡායාරූප ගැනීම සඳහා පමණක් කැමරාවක් අවශ්‍ය යැයි සිතන්න

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ඉදිරිපත් කළ Surface ස්පර්ෂ තිර ලැප්ටොප් උපාංග පෙළ බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය වූයේ එහි ඇති ඵලදායිතාව ඉහළ නංවන බහුවිධ නිපුණතාවන්, හොඳ බැටරි බලය සහ නිහඬ එහෙත් මනා ක්‍රියාකාරීත්වය නිසාවෙනි. කෙසේ නමුත් මෙම Surface උපාංගයන් වෙළෙඳ පොළට හඳුන්වා දෙන ඉහළ මිල නම් බොහෝ දෙනෙකුගේ ප්‍රසාදය දිනාගැනීමට සමර්ථ නොවුණි. මෙහි ගැටලුව වූයේ මෙම උපාංගයන් අධික මිලකින් යුතු වීම නිසා ඉහළ පෙළේ වෘත්තිකයින් හැරෙන්නට වෙනත් අය හට, විශේෂයෙන්ම සිසු ප්‍රජාව

Read More

ස්මාට්ෆෝන් යුගයටද පෙරාතුව විශේෂාංග දුරකථන තිබූ කාලයේ පවා ජංගම දුරකථන වෙත කැමරාවක් තිබීම අත්‍යාවශ්‍ය කරුණක් වී තිබිණි. බොහෝ විට මෙම මුල්කාලීන කැමරාවල ගුණාත්මක තත්ත්වය එතරම් ඉහළ මට්ටමක නොතිබුණත්, ස්මාට්ෆෝන් යුගයට මාරු වුණු පසුව පැමිණි උපාංගයන්හි කැමරා පද්ධතිය ශීඝ්‍රයෙන් දියුණු වනු දක්නට ලැබිණි. පසුපස ප්‍රධාන කැමරාවට අමතරව පසුකාලීන ස්මාට්ෆෝන්වල වීඩියෝ චැට් කිරීම් සඳහා ඉදිරිපසටද කැමරාවක් පැමිණි අතර, සමාජ ජාලයන් ප්‍රචලිත වීම සහ සමාජ ජාලයන් තුළ තමන්ගේ

Read More

බ්ලැක්බෙරි යනු කාලයක් පුරාවට ස්මාට්ෆෝන් ලෝකයේ සුඛෝපභෝගී සන්නාමයක්ව තිබිණි. විශේෂයෙන්ම බ්ලැක්බෙරි ස්මාට්ෆෝනයක් අනෙකුත් ස්මාට්ෆෝනයන්ගෙන් වෙන් කොට දක්වන ලද සුවිශේෂී QWERTY භෞතික යතුරු පුවරුවද සමගින්, එය එදා මෙන්ම අදද සැලකෙන්නේ ඉහළ මට්ටමේ වෘත්තිකයින් විසින් භාවිත කරනා ස්මාට්ෆෝනයක් ලෙසිනි. බ්ලැක්බෙරි නාමය සමගින් පැමිණි එම පෙළැන්තිය සම්බන්ධ අදහස වර්තමානයේද යම් ප්‍රමාණයකට හෝ පරිශීලකයින් අතර පවතී.

Read More

ඡායාරූප සහ වීඩියෝ දසුන් ග්‍රහණය කර ගැනීම සඳහා නිමවා ඇති ඩ්‍රෝන යානාවන් යනු තවදුරටත් ආගන්තුක තාක්ෂණයක් නොවේ. එය වර්තමානයේදී අතිශයින්ම සුලභ දෙයක් වී ඇති අතර, ඒ නිසාවෙන්ම ඩ්‍රෝන යානාවන්ද දිනෙන් දින වඩාත් වැඩි දියුණු වෙමින්, වඩාත් හුරුබුහුටි වෙමින් වෙළෙඳ පොළට පැමිණෙන බව දක්නට ලැබේ.

Read More

පරිගණක ක්‍රීඩා ලෝකය සහ පරිගණක අතර වර්තමානයේ ඇත්තේ තරගයක් යැයි එය මනාව අධ්‍යයනය කරන්නෙකුට සිතෙනු ඇත. මන්දයත්, දිනෙන් දින වඩාත් ඉහළ ග්‍රැ‍ෆික් නිර්මාණයන්ගෙන් සහ වඩ වඩාත් සංකීර්ණ, වඩ වඩාත් දැවැන්ත පරිගණක ක්‍රීඩා නිර්මාණය වෙයි. මෙම ඉහළ මට්ටමේ නවීන පරිගණක ක්‍රීඩා පොදුවේ AAA ලෙසින් වර්ගීකරණය කෙරේ. මෙසේ නිර්මාණය වන පරිගණක ක්‍රීඩාවන් ධාවනය කිරීම සඳහා නිර්මාණය වන ගේමින්ග් පරිගණකයන්ද දිනෙන් දින සංකීර්ණ සහ ප්‍රබලත්වයෙන් ඉහළ යමින් පරිණාමය වේ.

Read More

විශේෂයෙන් නිර්මාණය කරන ලද මෘදුකාංග මත පදනම්ව කොළඹ සහ මහනුවර ඇතුළුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරවල පවතින ප්‍රවාහන සහ ගමනාගමන ගැටලු කළමනාකරණය කළ හැකි බව පෙන්වා දී තිබේ.

Read More

කැමරාවක් මිලදී ගැනීමට යන ඕනෑම අයෙකුට පැන නගිනා පොදු ගැටලුවක් තිබේ. එනම් මිලදී ගත යුත්තේ කුමනාකාරයේ කැමරාවක්ද යන්නයි. අවශ්‍ය නම් DSLR හෝ Mirrorless වර්ගයක වඩාත් වෘත්තිය මට්ටමේ කැමරාවක් මිලදී ගැනීමට හැකි වුවත්, ඒ සඳහා විශාල මුදලක් වැය වනු ඇත. එසේම එවැනි වෘත්තීය මට්ටමේ කැමරාවක් භාවිත කිරීමද එතරම් පහසු නොවනා අතර, එයට යම් පළපුරුද්දක් අවශ්‍ය වේ. අවශ්‍ය නම් DSLR හෝ Mirrorless කැමරාවක්ම ආධුනිකයන් සඳහා නිමවා ඇති entry-level සංස්කරණයකින් මිලදී ගැනීමට හැකි

Read More

මොබයිල් ගේම්ස් හෙවත් ජංගම දුරකථන ක්‍රීඩා යනු මෙයට වසර විස්සකට පමණ පෙරාතුව සාමාන්‍ය විශේෂාංග ජංගම දුරකථන භාවිත කළ පිරිසට පවා අමුතු අත්දැකීමක් නොවේ. මන්දයත්, දුරකථන ඇමතුමක් ගැනීම සහ කෙටි පණිවුඩයක් යැවීම යන කර්තව්‍යයන් දෙකට වඩා එපිටට ගිය හැකියාවන් සහිත විශේෂාංග ජංගම දුරකථන නිර්මාණය වීම ඇරඹුණු කාලයේ පටන්ම එම උපාංගයන් තුළ ප්‍රාථමික මට්ටමකින් හෝ දුරකථන ක්‍රීඩාවන් දක්නට ලැබුණු බැවිනි. පසුකාලීනව මෙම ජංගම දුරකථනයන් දියුණු වීමත් සමගින් මෙම ක්‍රීඩාවන්ද ක්‍ර

Read More

විශ්වවිද්‍යාල නවකවදය මේ වන විට අශිෂ්ට, අශීලාචාර, අමානුෂික ක්‍රියාවක් බවට පත්ව තිබෙන බව උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

Read More

මෑතකාලීන ස්මාට්ෆෝන් ලෝකයට මේ වනවිට වේගයෙන් එකතු වූ නව තාක්ෂණික විලාසිතාවන් කිහිපයකි. එයින් එකක් නම් සම්පූර්ණ ස්මාට්ෆෝනයේ ඉදිරිපස රාමුව පුරා, දාරයන් දක්වා විහිදී ගිය තිරයයි. මෙහිදී ස්මාට්ෆෝනයේ ඉදිරිපස පෘෂ්ඨයෙන් කෙතරම් ප්‍රතිශතයක් ස්මාට්ෆෝනයේ තිරය වන්නේද යන සාධකය වැදගත් තැනක් ගනී. මෑතකදී පැමිණි iPhone X ස්මාට්ෆෝනයේ තිරය ඉහළ මධ්‍යයේ කැමරාව සහ මයික්‍රෆෝනය සඳහා වන ඉඩ හැරුණු විට අනෙක් සෑම වර්ග සෙන්ටිමීටරයක්ම අත්පත් කොටගෙන තිබීමත් සමගින් මෙම විලාසිතාව ස

Read More

සිනමා කැමරාවක් යැයි කියූ විට බොහෝ විට ඔබට සිහියට පැමිණෙනු ඇත්තේ උරහිස මත තබාගෙන හෝ විශේෂ ආදාරකයක රුවා ක්‍රියාත්මක කළ යුතු, විශාල ප්‍රමාණයේ කැමරාවක් වනු ඇත. කෙසේ වෙතත් වර්තමානය වන විට සංයුක්ත ප්‍රමාණයේ සිනමා කැමරාද නිර්මාණය වී තිබෙනා අතර, මෙයට වසර පහකට පමණ පෙර වෙළෙඳ පොළට පැමිණි Blackmagic Pocket සංයුක්ත සිනමා කැමරාවද ඊට උදාහරණයක් ලෙසින් සඳහන් කළ හැකිය. කෙසේ වෙතත් ගැටළුව වූයේ එම කැමරාව නිෂ්පාදනය වන කාලයේදී 4k ගුණාත්මක තත්ත්වය ජනප්‍රිය වී නොතිබීම නි

Read More

වට්ස්ඇප් සම නිර්මාතෘ මෙන්ම ප්‍රධාන විධායක නිලධාරී ජෑන් කොයුම් ෆේස්බුක් සමාගමෙන් ඉවත්වි ඇත. පුද්ගලිකත්වය පිළිබඳව පැන නැගුණු ගැටලු හේතුවෙන් ඔහු මෙසේ සිය තනතුරින් ඉල්ලා අස්වී ඇති අතර ඔහු ෆේස්බුක් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත්ව ඇත.

Read More

ඔබ වෘත්තීයමය ඡායාරූප ශිල්පියෙකු හෝ වීඩියෝ ශිල්පියෙකු නැතිනම් වීඩියෝ බ්ලොගර් කෙනෙකු වුවත්, ඔබ පිටත රූගත කිරීමක් හෝ ඡායාරූප ගැනීමක් සිදුකරන්නේ නම් එයට පිටත් වීමට පෙර සිතිය යුතු කරුණු කාරණා ගණනාවක් තිබේ. ඔබට විය හැකි බොහෝ දෑ, රූගත කිරීමට හෝ ඡායාරූප ගැනීමට ප්‍රථම සැලසුම් කිරීමට සිදුවනු ඇත. ඔබ ගෙන යා යුතු දේ මොනවාද යන්නද එම සැලසුම්

Read More

නවතම AI Beauty 2.0 තාක්ෂණය ඇතුළු තවත්විශේෂාංග රාශියක් සමගින් OPPO F7 දුරකථනය දියත් කිරීමට පසුගියදා කටයුතු කළේය. Super Full Screen සහ වැඩිදියුණු කළ multi-tasking මෘදුකාංග සමග පැමිණෙන එය 64 GB සහ 4 GBRAM සහිතය. අද (25දා) සිට දිවයින පුරා අලෙවිසැල් Solar Red, Moonlight Silver සහ Diamond Black වර්ණවලින් මිලදීගත හැකිවේ.

Read More

වර්තමානයේදී බොහෝ විට ලැප්ටොප් සම්බන්ධයෙන් ඇසෙන වචනයක් වන්නේ අල්ට්‍රාපෝටබල් යන්නයි. මෙම අල්ට්‍රාපෝටබල් නැතිනම් සබ්නෝට්බුක් උපාංග යනුවෙන් හැඳින්වෙන්නේ සාමාන්‍ය නෝට්බුක් පරිගණකයකට වඩා ප්‍රමාණයෙන් කුඩා සහ සැහැල්ලු, ජංගම නිමාවකින් යුතු ලැප්ටොප් උපාංගයකි. මෙම වර්ගයේ උපාංගයන් නිෂ්පාදනය ඇරඹුනේ අද ඊයේක නොවූවත්, අල්ට්‍රාපෝටබල් යන නාමය සුලභව ඇසෙන්නට පටන් ගත්තේ මෑතකදී වග කිව හැකියි. මෙයට හේතුව වන්නේ තම ලැප්ටොප් නිෂ්පාදනයන්

Read More

ගූගල් ක්‍රෝම් බ්‍රවුසරය සිය ප්‍රමුඛතම පරිශීලක අතුරු මුහුණත ලෙසින් යොදාගනිමින් නිර්මාණය වූ ගූගල් ක්‍රෝම් මෙහෙයුම් පද්ධතිය ලැප්ටොප් උපාංගයන් සමගින් ජනප්‍රිය වී තිබුණත්, මෙතෙක් ටැබ්ලට් උපාංගයන් හා දක්නට නොලැබුණි. එනයින්, Acer Chromebook Tab 10 ටැබ්ලට් උපාංගය ගූගල් ක්‍රෝම් මෙහෙයුම් පද්ධතිය මතින් ධාවනය වන ප්‍රථම ටැබ්ලටය ලෙසින් වාර්තා වනු ඇත.

Read More
Samsung Galaxy Tab Active2
29 03 2018 10:14:00

ස්මාට්ෆෝනයක් මෙන්ම ටැබ්ලට් උපාංගයක්ද භාවිත කළ හැක්කේ සුවපහසුව හිඳ සිටිය හැකි අවකාශයක පමණක් නොවේ. ඇතැම් විට ඔබ නවීන තාක්ෂණය ඔබේ කටයුතු සඳහා අනුහුරු කරගැනීම මනාව ප්‍රගුණ කොට ඇතිනම්, ගොඩනැගිලි ඉදිකිරීම් බිමක වුවත් ඔබේ ටැබ්ලට් උපාංගය ඔබට ප්‍රයෝජනයක් වනු ඇත. කෙසේ නමුත් මෙහිදී පැන නඟිනා ප්‍රධානතම ගැටලුවක් වෙයි. එනම් සාමාන්‍යයෙන් වෙළෙඳ පොළේ අප දකිනා ටැබ්ලට් උපාංගයන් බොහෝමයක් රළු භාවිතය සඳහා නිර්මාණය කළ ඒවා නොවීමයි. ඒවා බොහෝ විට දුහුවිල්ලෙන් හෝ තෙතමනයෙන්

Read More

අපගේ කුඩා කාලයේදී පරිගණක හෝ වීඩියෝ ක්‍රීඩාවන් අත්විඳීමේදී අපට තිබූ ප්‍රධානතම ගැටළුව නැතිනම් සැලකිල්ලට බඳුන් විය යුතු කරුණ වූයේ එම පරිගණක ක්‍රීඩාව ධාවනය කිරීම සඳහා අවශ්‍ය ශක්‍යතාවයන් සහිත පරිගණකයක් තිබේද යන්න පමණි. එතැනින් එහාට පරිගණක තිරයේ දිස්වන ක්‍රීඩාවේ දසුන් සහ මනා පාලකයන් -එනම් මැනවින් ක්‍රියාත්මක වන යතුරු පුවරුවක්,

Read More

වර්තමානයේදී ඔබ කොතැනකදී හෝ කැමරාවක් රහිත ස්මාට්ෆෝනයක් දැක තිබේද? මෙයට අනිවාර්ය පිළිතුර වනු ඇත්තේ නැත යන්නයි. මන්දයත් ස්මාට්ෆෝන් සංකල්පය සමගින්ම ස්මාට්ෆෝන් කැමරාවද මේ වනවිට බැඳී පවත්නා බැවිනි. එය එසේ වුවත් මෙය ආරම්භ වන්නේ ස්මාට්ෆෝන් සමගින් නොවේ. අප ’’කැමරා ෆෝන්’’ යන යෙදුම මුලින්ම භාවිතා කරන්නට යෙදුණේ පසුපස කැමරාවක් සහිත විශේෂාංග ජංගම දුරකථන සඳහායි.

Read More

Wearable devices යනු වර්තමානයේ වැඩි වැඩියෙන් ලෝකයේ අවධානය දිනාගනිමින් ශීඝ්‍රයෙන් වර්ධනය වන උපාංග පෙළක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. දැනට වසර ගණනකට පෙරාතුව ’ස්මාට්වොච්’ සංකල්පය ලෝකයට පැමිණි අවස්ථාවේදී බොහෝ දෙනෙකු බලාපොරොත්තු වූයේ එය ස්මාට්ෆෝන් උපාංගයේ තැන ගනු ඇති, ස්මාට්ෆෝන් ලෝකයේ මීළඟ පරිණාමීය පිම්ම වනු ඇති බවටයි. කෙසේ නමුත් ස්මාට්වොච් උපාංගයක ඇති සීමාවන්ට ස්මාට්ෆෝන් උපාංගයක් අතික්‍රමණය කිරීම නුදුරු අනාගතයේදී කිරීමට නොහැකි බව වටහා ගැනීමත් සමගින්,

Read More
Sony A7 III
8 03 2018 10:14:00

වර්තමානයේදී තවදුරටත් වෘත්තීය මට්ටමේ කැමරාවක් නම් එය DSLR කැමරාවක් විය යුතු බවට තිබූ මතයට Mirrorless හෙවත් CSC කැමරාවන් ප්‍රසිද්ධියේම අභියෝග කර තිබේ. DSLR කැමරා සහ CSC කැමරා අතර වෙනස්කම් තිබෙනවාක් මෙන්ම, ඒ අතර ප්‍රබලතා සහ දුබලතාද තිබේ. මේ අතර එක් සුවිශේෂී වෙනසක් වන්නේ මිලයි. සාමාන්‍යයෙන් ගත් විට ඉතාම අඩු මිල මූලික DSLR කැමරාවක වුවත් ගෙවන මිලට වඩා වැඩියෙන් පහසුකම් සහ හැකියාවන් තිබෙනා නමුත්, අඩු මිල CSC කැමරාවක් සම්බන්ධයෙන් එසේ කිව හැකි නොවේ. CSC කැ

Read More

ශ්‍රී ලංකාවද ඇතුළුව රටවල් හයකදී ෆේස්බුක් ආයතනය විසින් අත්හදා බැලීම් සිදුකළ Explorer Feed පරීකෂණය ඔවුන් විසින් අත්හිටුවා තිබේ. ඒ එම අත්හදා බැලීම පිළිබඳව ෆේස්බුක් පරිශීලකයන් විසින් නොකැමැත්ත ප්‍රකාශ කිරීමත් සමගිනි.

Read More

Samsung Galaxy S9 සහ S9+ සමාට්ෆෝන් නිකුත් වීම මේ වන විට සිදුවී ඇති අතර දැනට ඔබට එම ස්මාට්ෆෝන පෙර ඇණවුම් කිරීමේ හැකියාව පවතියි. ලොව වැඩිම ස්මාට්ෆෝන් පරිශීලකත්වය හිමි සන්නාමය වන Samsung සමාගම සිය ෆ්ලෑග්ෂිප් උපාංගය එළිදක්වන තුරු තාක්ෂණික ලෝලීන් බලා සිටියි. ඒ නිසාම මෙම Samsung Galaxy S9 සහ S9+ කරළියට පැමිණීම විශාල කතිකාවතක් ඇති කළේය.

Read More

ශ්‍රී ලංකාවේ අන්තර්ජාල වේගය ඉන්දියාවට වඩා ඉහළ අගයක පවතී. ඒ අනුව ඉන්දියාවේ 4G වේගය තත්පරයට මෙගා බයිට් 6.07ක් ලෙස සටහන් වන අතර, ශ්‍රී ලංකාවේ එම වේගය තත්පරයට මෙගා බයිට් 13.95ක් ලෙසට සටහන් වෙයි. පාකිස්තානයේ එම වේගය තත්පරයට මෙගා බයිට් 13.56කි.

Read More

වර්තමානයේදී බොහෝ දෙනෙකු ඡායාරූප ගැනීම විනෝදාංශයක් ලෙසින් නැතිනම් ආශාව වෙනුවෙන් කරන දෙයක් ලෙසින් ප්‍රගුණ කරනා අතර, ඒ සඳහා බොහෝ දෙනෙකු වෘත්තීය මට්ටමේ කැමරාවක් භාවිත කිරීමට වඩා අත ඇති ස්මාට්ෆෝනයේ කැමරාව භාවිත කිරීමට වඩාත් නැඹුරුතාවක් දක්වයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.